|| Voice Teens ||

ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවන් ලාංකේය සීමාවට ගෙන ඒමේ සංකල්පය වෙනුවෙන් සිරස නාලිකාවට ඇත්ත වශයෙන්ම ස්තුති කළ යුතු ය. සමාජගත කරන්නට වෙර දරන දේශපාලන මතවාදය කුමක් වුවත්, සිරස නාලිකාව තවමත් මිනිසුන් ප්‍රතික්ෂේප නොකරන ප්‍රධානම කරුණ මේ ජාත්‍යන්තර මට්ටමේ තරඟ වේදිකා මෙරටට හඳුන්වා දීමයි. එහි නවතම පියවර නම් "The Voice Teens" වැඩසටහනයි. ....... Voice Teens වැඩසටහන සිය විකාශය ආරම්භ කළේ Blind Auditions තරඟ වටයත් සමඟ ය. ආදිත්‍යා වැලිවත්තගේ "නොමිලේ දුන් නිසා" ගීතයේ සිට, සහංගි හංසාන්ජලීගේ "කිත්‍තානේ කිනත්තේ" ගීතය මැදින්, වීනාත් සත්සරගේ "පුණ්‍යවන්ත" ගීතය දක්වා පැමිණි සියළුම ගායනයන් මේ වන තෙක් මම නැරඹුවෙමි. මේ සියළුම පොඩි එවුන් අපි කවුරුත් දන්නා සරලම විදියට කියතොත් "2000න් පසු පරපුර" යි. එහෙත් ඇත්තටම මේ පිරිසගේ ගායනාවන් සහ අනිකුත් දක්ෂතාවයන් දුටු විට හැඟුණු දෙයක් නම් 2000න් පසු පරපුර හිතන තරම් නරක නැති බවයි. වෙනස සිදු වී ඇත්තේ ඔවුනට ඇති තාක්ෂණික මෙන්ම සමාජයීය දැනුම් මූලාශ්‍ර වල ඇති විවිධත්වය මත යි. ........ එදා සිට ඊයේ(26) විකාශය වූ අවසන් blind auditions තරඟ...