|| Voice Teens ||

.......
Voice Teens වැඩසටහන සිය විකාශය ආරම්භ කළේ Blind Auditions තරඟ වටයත් සමඟ ය. ආදිත්‍යා වැලිවත්තගේ "නොමිලේ දුන් නිසා" ගීතයේ සිට, සහංගි හංසාන්ජලීගේ "කිත්තානේ කිනත්තේ" ගීතය මැදින්, වීනාත් සත්සරගේ "පුණ්‍යවන්ත" ගීතය දක්වා පැමිණි සියළුම ගායනයන් මේ වන තෙක් මම නැරඹුවෙමි. මේ සියළුම පොඩි එවුන් අපි කවුරුත් දන්නා සරලම විදියට කියතොත් "2000න් පසු පරපුර" යි. එහෙත් ඇත්තටම මේ පිරිසගේ ගායනාවන් සහ අනිකුත් දක්ෂතාවයන් දුටු විට හැඟුණු දෙයක් නම් 2000න් පසු පරපුර හිතන තරම් නරක නැති බවයි. වෙනස සිදු වී ඇත්තේ ඔවුනට ඇති තාක්ෂණික මෙන්ම සමාජයීය දැනුම් මූලාශ්‍ර වල ඇති විවිධත්වය මත යි.
........
එදා සිට ඊයේ(26) විකාශය වූ අවසන් blind auditions තරඟය දක්වා පැමිණි සියළු පොඩ්ඩන් අතරින් මාගේ මතකයේ හැටියට සිටියේ, අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වීම යැයි පැවසූ එක් අයෙකු සහ ඉංජිනේරුවෙක් වීම යැයි පැවසූ දෙදෙනෙකු පමණි. අන් සියල්ලන්ගේම අනාගත සිහිනය සංගීත අංශයෙන් ඉදිරියට ගොස් රටට ලෝකයට වැඩක් කිරීම ය. මේ චින්තනය 2000න් පසු පරපුර පෙන්වන සුභදායී ලකුණකි. අපේ කාලයේ එවුන් හට මෙවැනි අවස්ථා ලැබුණේ ඉතා අල්ප වශයෙනි. ළමයින්ට තියා වැඩිහිටියන්ටත් ඉදිරියට එන්නට reality වැඩක් හැදුනේ, නව සහශ්‍රයේ පළමු decade එකේ අග භාගයේ ය. ඒ කාලය වන විට අපේ එවුන්ගේ මේ "Teen" කාලය පැන ගොස් හමාර ය. එමෙන්ම එකල තිබූ සමාජ, ආර්ථික හා තාක්ෂණික වටපිටාවත් සමඟ සංගීතය වෘත්තියක් ලෙස කරන්නට අරමුණු කරගත්තේ ඉතාමත් සුළු පිරිසකි. කරන්නට දෙයක් නැත. කාලයෙන් කාලයට වෙනස් වන සමාජය අපි පිළිගත යුතු වෙමු. එහෙත් දැන් පරපුරට ඇත්තටම සංගීතයෙන් වෘත්තිය මට්ටමට යන්නටත්, එතුළින් ජාත්‍යන්තරය ජයගන්නටත් ඇති අවස්ථා බොහෝ ය. දක්ෂතාවයන් පෙන්වන්නට සැකසී ඇති වේදිකා බොහෝ ය. රටේ කලාව ඔහේ ගලාගෙන යන කාලයක, අතරින් පතර ඉන්නා හොඳ වැඩ කරන උදවිය පමණක් වෙනුවට 60-70-80 දශකවල මෙන් රටේ සිව්කොනෙන්ම හොඳ වැඩ කරන පිරිසක් බිහිවිය යුතු කාලය දැන් නැවතත් එළඹ ඇත. එවැනි පරපුරකට ජවය සහ ආරම්භය දෙන්නට මේ voice teens හරහා ඉදිරියට පැමිණි පුංචි එවුන්ට බොහෝම දරුණු හැකියාවන් ගොන්නක් පිහිටා ඇත. සිංහල ගීත කලාව පමණක් නොව, කලක පටන් අපේ රටට අඩුවක්ව පවතින ජාත්‍යන්තර මට්ටමේ දමිළ සහ ඉංග්‍රීසි ගීත කලාවක් බිහි කරන්නට සමත් අතිදක්ෂ පොඩි වුන් පිරිසක් ද මේ කුලකය තුළ සිටීම වාසනාවකි. සියල්ල ඇත්තේ ඔවුන්ගේ පුහුණුකරුවන් සහ ඔවුන්ව ඉදිරියට ගෙන්වන නාලිකාව සතුව ය. දක්ෂතාවයට පමණක්ම සුදුසු තැන ලබා දී, මෙම අනාගත පුරුක් නිවැරදි දිශානතිය කරා යොමු කරන්නට ගුරුහරුකම් ලබා දීම සහ "Star" කෙනෙක් හෝ "Brand" එකක් වීමේ සංකල්පය දැන්මම ඔළුවලට ඔබන්නේ නැතිව හෙමින් ගමනක්, නිහතමානීව හා පැහැදිළිව යන හැටි කියා දීම වටින්නේ ය. එසේ සිදුවුවහොත් මේ ඇසූ දුටු දක්ෂතා ගොන්න පිරිවරාගෙන, යළිත් 60-70-80 වැනි "Golden Era" එකක් ලාංකේය සංගීත ක්ෂේත්රය තුළ බිහිකරන්නට පමණටත් වඩා හැකියාවක් මේ පුංචි එවුන් හට ඇත.
........
2000න් පසු පරපුරේ සියල්ලෝම සැබවින්ම ඔබ මා සිතන පරිදි නැත. බහුතරය එසේ වුව ද, මෙවන් සුළුතරයක් හෝ එම පරපුර සතුව ඇත. තමන්ගේ අනික් එවුන් ද වෙනස් කරගනිමින්, කවදා හෝ තමන්ගේ පරපුර රටේ අනාගතය සුභවාදීව වෙනස් කරන පරපුරක් බවට පත් කරන්නට මොවුන් පෙළ ගැසෙනු ඇතැයි අපි සිතමු. එසේ පෙළ ගැසෙන්නට අපි ඔවුන්ට හරි පාර පෙන්වමු.
2000න් පසු පරපුරේ සියල්ලෝම සැබවින්ම ඔබ මා සිතන පරිදි නැත. බහුතරය එසේ වුව ද, මෙවන් සුළුතරයක් හෝ එම පරපුර සතුව ඇත. තමන්ගේ අනික් එවුන් ද වෙනස් කරගනිමින්, කවදා හෝ තමන්ගේ පරපුර රටේ අනාගතය සුභවාදීව වෙනස් කරන පරපුරක් බවට පත් කරන්නට මොවුන් පෙළ ගැසෙනු ඇතැයි අපි සිතමු. එසේ පෙළ ගැසෙන්නට අපි ඔවුන්ට හරි පාර පෙන්වමු.
- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය
Your argument may be correct. But still would like to add my thoughts also. First thing is society needs to change, their thinking pattern needs to be change and their thought process needs to be change. What is mean by change is, people needs to be ready to accept the change. Our societies are very deeply inhibited with set mind pattern influence by cultural, political and religious myths and facts. Also the society is still not mature enough to accept these changes. Also the duty of making good people shouldn't be the media duty. It needs to be come through the society and society should begging for such kind of environment. Media only does their duty is for popularity. It is doubt that they do have true sense that doing something good or new thing to the society. Also these people should have proper guidance and otherwise their dream in international arena is only a dream. Best example is Chithral Somapala, where still our country or people doesn't ready to accept him as a world renown talented singer. But rest of the world already know him. Hope for the best. We need to change to change!
ReplyDeleteYeah sir.... What you say is true... I also think that society needs to change a lot... But what I needed to emphasize here is that the change should be in a positive direction rather than in a negative direction. These talents show glimpses of that positivity..... But still there are people within the same group who behave towards that negativity.... That's what we need to look at, if in case they direct this society towards that specific negativity... That is where our history, traditions & culture comes ahead...
Delete