Posts

Showing posts from May, 2020

|| අම්මාවරුනේ ||

Image
අම්මාවරුන්ගේ දිනයත් වැරදියට අර්ථකථනය කළ උන් දැක ලියමි. ...... ශ්‍රී ලාංකිකයා යනු සෑම අතින්ම අන් රටවල වැසියන්ට වඩා වෙනස් ගතිගුණ හිමි ජීවියෙකි. එකම පුද්ගලයාට, විවිධ අවස්ථාවන් වලදී විවිධ ස්වරූප වලට ආරුඪ විය හැක. මේ ස්වරූප විටෙක කාන්තියටත්, තවත් විටෙක ක්ලාන්තියටත් හේතුවන ප්‍රතිඵල ජනනය කළ හැක. එවන් ස්වරූප රාශියකින් හෙබි ශ්‍රී ලාංකිකයාගේ, වීරත්වය පිළිබිඹු කළ තවත් අපූරු සමාජ මාධ්‍ය රැල්ලක් පසුගිය 10 වන ඉරුදින පුරා දැකගත හැකිවිය. ...... අපි හැමෝම අපේ අම්මාට ඉතා දරුණු ලෙස ආදරය කරමු. අම්මාවරුන් වෙනුවෙන් දිනයක් විශේෂයෙන්ම ලෝකය පුරා නම් කොට ඇත්තේ, "එදිනට පමණක් අම්මා මතක් කළ යුතුය" යන අදහස පෙරටු කොටගෙන නොවන බව, හැමටම ලේසියෙන් පසක් වන කරුණකි. එහෙත් ලෝකයේ සෑම වටිනා දෙයක් වෙනුවෙන්ම, විශේෂ කතිකා හෝ විශේෂ ගරු කිරීම් සිදු කිරීම උදෙසා, එක් නිශ්චිත දිනයක් කැලැන්ඩරයේ වෙන් කර තිබේ. එය ජාත්‍යන්තරව සිදුවන දෙයකි. එමඟින් කිසිවිටෙකත් අම්මාට නිසි වටිනාකම දීම එක් දිනකට සීමා කරන්නැයි පවසා නැත. පුහු මානසිකත්වයෙන් හෙබි එක්තරා කොටසක්, තමන් කෙරෙහි අන්‍යයන්ගේ අවධානය දිනාගනු පිණිස හෝ වෙනත් එකී මෙකී නොකී කරුණක් අ...

|| Stars On Earth ||

Image
දවසේ වැඩ ඉවර කරලා laptop එකේ film folders ටික එහෙ මෙහෙ බල බල යද්දි එක පාරම ඇහැ නැවතුණේ ලස්සන film එකක් ළඟ. පොඩි කාලේ ඕනෙ තරම් film එක බලලා තිබ්බට, ඒකෙන් කියවෙන දේ ලොකුවට වචන වලට පෙරලන්න තරම් දැනුමක් තිබුණ කාලයක් නෙවෙයි ඒ කාලේ. සෑහෙන කාලෙකින් ආපහු බැලුවෙත් නැති නිසා film එක බලන්න හිතුවා. බොලිවුඩය නිර්මාණය කරපු තවත් Aamir Khan special එකක් තමයි "Taare Zameen Par" කියන්නේ. Amole Gupte ලියපු හරිම ලස්සන තිර පිටපත, Aamir Khan අධ්‍යක්ෂණය කරලා තියන විදිය අපූරුයි. ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෙම රටකට මේ film එකෙන් දෙන පණිවිඩය හරිම ලොකු එකක්. හැමෝම මේ flim එක විසි තිස් පාරක් බලලා තියන නිසා film එක ගැන කියන්න යන්නේ නෑ. Film එකෙන් මට දැනුණ පොඩි දෙයක් විතරක් කියන්නම්. ..... ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව ලංකාවට මේ film එකෙන් දෙන core message එක හරිම වැදගත් වෙනවා. ඔබත් මමත් අහුවෙලා ඉන්න මේ රේස් දුවන සමාජය ඇතුළේ, තමන් සතුව තියන විශේෂ හැකියාවට ගොඩාක් අයට තැනක් ලැබිලා තියන්නේ හරිම අඩුවෙන්. තමන් උපතින් ගෙනාපු හැකියාව පාවිච්චි කරලා ජීවිතය ජයගන්න එක අද සමාජයේ හරිම අමාරු වැඩක්. ඒ නිසා ගොඩාක් අය...

|| Leaving හෙවත් අත්හැරීම ||

Image
මේ quarantine period එකේ ලැබුණ විවේකයත් එක්ක හොඳ films ටිකක් බලන්න හම්බවුණා. ගොඩාක්ම බැලුවේ දකුණු ඉන්දියානු සිනමාවෙන් බිහිවුණ අපූරු සංකල්ප සහිත චිත්‍රපට. මේ ගොඩාක් ඒවා බලන්න කියලා suggest කරේ ජපුරේ හරිඳු අයියයි, පේරේ ගොඩ්ෆ්‍රී අයියයි. බලනකොට තේරෙනවා දැන් Kollywood එක කොච්චර සීඝ්‍ර දියුණුවක් ලබලා තියනවද කියලා film industry එකෙන්. ඉතින් අද මං කියන්න යන්නේ මේ අතිසාර්ථක film වල තිබුණ නොසිතූ විරූ ගණයේ endings දැක්කහම හිතුණ පොදු කාරණයක් ගැන. ..... "Leaving" නැත්නම් "අත්හැරීම" කියලා කියන්නේ ගොඩාක් විශය පථ ඔස්සේ, විවිධ අර්ථකථන එක්ක ගලාගෙන යන පොදු ධර්මතාවයක්. ඒ මොන අර්ථකථනයක වුනත් අන්තිමට අපිට වැටහෙන දේ තමයි, අත්හැරීමට ඉඩ දීලා හිත හදාගන්න බැරිවුන තැන මහා ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියන එක. ආදරය, අයිතිය, මිත්‍රත්වය, වතුපිටි, දේපළ වගේම කොටින්ම ක්‍රීඩාව කියන විෂය ඇතුළෙත් මේ අත්හැරීම කියන දේ එකිනෙකට වෙනස් විදියට අර්ථකථනය වෙනවා. නොගැළපෙන ආදරයක් යහපත් හිතින් අත්හරින්න පුළුවන් අයට ගැළපෙනම ආදරේ අනිවාර්‍යයෙන්ම හම්බවෙනවා. තමන්ට අයිති දෙයක් අකමැත්තෙන් වුනත් අත්හරින්න පුළුවන් කෙනාට, ජ...

|| Radium Girls ||

Image
Online Lecture series එකේ රක්තවේදය (Haematology) විෂයට අදාළ lecture එකක් බැලුවා. ලියුකේමියාව (Leukaemia) ගැන උගන්නපු ඒ lecture එකේ සඳහන් වුන interesting තොරතුරක් ගැන කියන්න හිතුවා. ....... ලියුකේමියාව කියන්නේ අපේ ශරීරයේ තියන රුධිර සෛල අසාමාන් ‍ ය විදියට ගුණනය වෙලා හැදෙන පිළිකා රෝග සමූහයකට. මෙය කෙටි කාලීන හේතුවක් නිසා (acute) හෝ දීර්ඝ කාලීන හේතුවක් නිසා (chronic) ඇති වෙන්න පුළුවන්. එයට හේතුවෙන එක රෝගකාරකයක් තමයි "විකිරණය" (radiation). ජීවිත කාලය තුළ අපි බොහෝ දෙනෙක් නොයෙක් විකිරණ වලට expose වෙනවා. ඒ විදියට කෙටි කාලීනව expose වෙන විශාල අගයක විකිරණ නිසා හෝ දීර්ඝ කාලීනව expose වෙන මධ් ‍ යම අගයක විකිරණ නිසා, අපේ ඇට මිදුළු වල රුධිර සෛල නිපදවීමේ ක් ‍ රියාවලියට හානි වෙන්න පුළුවන්. මේ කාරණය ගැන මුලින්ම ලෝකෙට හෙළිදරව් වුන කතාව, විශේෂ කතාවක්. ....... ලෝකයේ සිද්ධ වුන කාර්මික විප්ලවයත් එක්ක ගොඩාක්  බටහිර රටවල් විවිධ නිපැයුම් කරන්න පටන් ගත්තා. ඒ විදියට ඇමෙරිකාවේ සහ ඉතාලියේ මුලින්ම පටන් ගත්ත කර්මාන්තයක් තමයි "ඔරලෝසු කර්මාන්තය". 1916 වසරේ මේ වෙනුවෙන් ඉදිවුන මුල්ම කර්මාන්තශා...