|| Stars On Earth ||

දවසේ වැඩ ඉවර කරලා laptop එකේ film folders ටික එහෙ මෙහෙ බල බල යද්දි එක පාරම ඇහැ නැවතුණේ ලස්සන film එකක් ළඟ. පොඩි කාලේ ඕනෙ තරම් film එක බලලා තිබ්බට, ඒකෙන් කියවෙන දේ ලොකුවට වචන වලට පෙරලන්න තරම් දැනුමක් තිබුණ කාලයක් නෙවෙයි ඒ කාලේ. සෑහෙන කාලෙකින් ආපහු බැලුවෙත් නැති නිසා film එක බලන්න හිතුවා. බොලිවුඩය නිර්මාණය කරපු තවත් Aamir Khan special එකක් තමයි "Taare Zameen Par" කියන්නේ. Amole Gupte ලියපු හරිම ලස්සන තිර පිටපත, Aamir Khan අධ්‍යක්ෂණය කරලා තියන විදිය අපූරුයි. ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෙම රටකට මේ film එකෙන් දෙන පණිවිඩය හරිම ලොකු එකක්. හැමෝම මේ flim එක විසි තිස් පාරක් බලලා තියන නිසා film එක ගැන කියන්න යන්නේ නෑ. Film එකෙන් මට දැනුණ පොඩි දෙයක් විතරක් කියන්නම්.

.....

ලෝකයේ අනික් රටවල් වලට සාපේක්ෂව ලංකාවට මේ film එකෙන් දෙන core message එක හරිම වැදගත් වෙනවා. ඔබත් මමත් අහුවෙලා ඉන්න මේ රේස් දුවන සමාජය ඇතුළේ, තමන් සතුව තියන විශේෂ හැකියාවට ගොඩාක් අයට තැනක් ලැබිලා තියන්නේ හරිම අඩුවෙන්. තමන් උපතින් ගෙනාපු හැකියාව පාවිච්චි කරලා ජීවිතය ජයගන්න එක අද සමාජයේ හරිම අමාරු වැඩක්. ඒ නිසා ගොඩාක් අය ඒ හැකියාවන් පාවිච්චි කරන්නේ හුදෙක්ම කරන්න වෙන කිසිම වැඩක් නැත්නම් විතරයි. ඒ නිසාම, පුංචි කාලේ ඉඳන් බහුතරයක් ළමයිට තමන්ගේ ජීවිතේ නිදහස විඳින්නයි, තමන් උපතින් ගෙනාපු දක්ෂතාවය ඉදිරියට ගන්නයි අවස්ථාවන් හම්බවෙන්නේ හරිම අඩුවෙන්. ඒක සාමාන්‍ය ළමයිටත්, උපත් සංකූලතා නිසා ජීව විද්‍යාත්මකව වර්ධනය ප්‍රමාද වුන ළමයිටත්, උපත් සංකූලතා නිසා ස්ථිර ආබාධිත තත්වයට පත්වුන ළමයිටත් එක විදියට අදාළයි. හැබැයි මේ හැමෝගෙම හිත ඇතුළේ වෙනම ලෝකයක් ජීවත් වෙනවා. ඒ ලෝකය එළියට එන්නේ ලස්සන චිත්‍රයකින්, ලස්සන අත්වැඩකින්, ලස්සන ගායනාවකින් හරි ලස්සන අභිනයකින් හරි වුනත් වෙන්න පුළුවන්. ඒ එකිනෙකට වෙනස් ලෝක නිවැරදිව එළියට ගන්න පුළුවන් වෙන්නේ, ළමා මනස සහ ඔවුන්ගේ විශේෂ හැකියාවන් ගැන නිවැරදි අවබෝධයක් හා නිවැරදි පුහුණුවක් ලබපු ගුරුවරයෙකුට විතරයි. අපේ රටේ අහු මුළු වල "Ram Shankar Nikumb" ලා වගේ ගුරු දෙවිවරු අනිවාර්යයෙන් ඉන්නවා. මුළු රටටම නොදැනෙන්න එයාලා "Ishan Awasthi" වගේ ළමයිගේ ජීවිත ගොඩදානවා. හැබැයි "Holkar" සර් වගේ ගුරුවරු පිරිසක් නිසා, තවත් Ishan ලා දහසකගේ ජීවිත නිරපරාදේ රාමුවකට කොටු වෙලා ඉවර වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ film එක අපේ රටේ හැම ළමයෙක්ටම සහ හැම ගුරුවරයෙක්ටම ලොකු කතාවක් කියලා දෙන film එකක්.

......

ගුරුවරුන්ට වගේම දෙමව්පියන්ටත් මේ film එකෙන් ගෙනියන පණිවිඩය හරිම බලවත් එකක්. තමන්ගේ දරුවා හැම වෙලාවේම අනික් දරුවන්ගෙන් වෙනස් ස්වාධීන චරිතයක් කියන එක දෙමව්පියෝ වටහා ගන්න ඕනෙ කොහොමද කියලා, හරිම දරුණු විදියට මේකෙන් කියලා දෙනවා. දෙමව්පියන් නිකරුණේ තරවටු කරන එක වචනයකින් බොහෝ දේවල් කියන්න තියන ළමා මනස අසරණ වෙන හැටි, Ishan ගේ චරිතය හරහා අපිට පෙන්වනවා. මේ සමාජ ක්‍රමය ඇතුළේ දෙමාපියන්ටත් කරන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා Ishan ගේ දෙමාපියන්ට දරුණු විදියට ඇඟිල්ල දික් කරන්නත් අපිට බැහැ. අන්න එතනදී තමයි Ram Nikumb ගණයේ ගුරුවරු ඉදිරියට එන එක වැදගත් වෙන්නේ. Dyslexia ගැන අංශු මාත්‍රයක් වත් වැඩිපුර දැනෙන්න ඉඩදෙන්නේ නැතුව film එකේ විනාඩි 164 ම නිර්මාණය කරලා තියන විදිය හරිම අපූරුයි. තමන්ගේ දරුවට ආදරය කරන හැම දෙමාපියෙක්මත්, අනාගතේ දෙමාපියන් වෙන්න ඉන්න හැම තරුණ තරුණියක්මත් ඉගෙන ගන්නම ඕනෙ පාඩමක්, film එක පුරා අපිට කියලා දෙනවා.

......

මේ විදියේ හරිම වැදගත් සංකල්පයක්, අතිශය සංවේදී විදියට එළියට ගන්න උපරිමය දුන්න Darsheel Safary (Ishan), Aamir Khan (Ram), Vipin Sharma (Mr. Awasthi), Tisca Chopra (Mrs. Awasthi) සහ Sachet Engineer (Yohan) ඇතුළු සමස්ත film crew එකට, හදපතුලෙන්ම එන අත්පුඩියක් සහ ප්‍රණාමයක් පිරිනමන්න ඕනේ අනිවාර්යයෙන්. Film එක බලලා ඉවර වුනාම ඇස් දෙකට කඳුළක් නොනැගුණු කෙනෙක් නැතුව ඇති කියලා මං හිතනවා. ගෙදර හැමෝම එක්ක ආයෙත් film එක බලන්න කියලා ආරාධනා කරනවා වෙලාවක් තියනවා නම්. අන්තිමට මතක තියාගන්න එහෙනම්,


" Every Child Is Special "


බම් බම් බෝලේ බම්චික බම් බෝලේ - බම් බම් බෝලේ මස්ති මේ ඩෝලේ 



- යශෝද් රාජසිංහ -

වෛද්‍ය පීඨය 

Comments

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||