|| Leaving හෙවත් අත්හැරීම ||

මේ quarantine period එකේ ලැබුණ විවේකයත් එක්ක හොඳ films ටිකක් බලන්න හම්බවුණා. ගොඩාක්ම බැලුවේ දකුණු ඉන්දියානු සිනමාවෙන් බිහිවුණ අපූරු සංකල්ප සහිත චිත්‍රපට. මේ ගොඩාක් ඒවා බලන්න කියලා suggest කරේ ජපුරේ හරිඳු අයියයි, පේරේ ගොඩ්ෆ්‍රී අයියයි. බලනකොට තේරෙනවා දැන් Kollywood එක කොච්චර සීඝ්‍ර දියුණුවක් ලබලා තියනවද කියලා film industry එකෙන්. ඉතින් අද මං කියන්න යන්නේ මේ අතිසාර්ථක film වල තිබුණ නොසිතූ විරූ ගණයේ endings දැක්කහම හිතුණ පොදු කාරණයක් ගැන.
.....
"Leaving" නැත්නම් "අත්හැරීම" කියලා කියන්නේ ගොඩාක් විශය පථ ඔස්සේ, විවිධ අර්ථකථන එක්ක ගලාගෙන යන පොදු ධර්මතාවයක්. ඒ මොන අර්ථකථනයක වුනත් අන්තිමට අපිට වැටහෙන දේ තමයි, අත්හැරීමට ඉඩ දීලා හිත හදාගන්න බැරිවුන තැන මහා ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියන එක. ආදරය, අයිතිය, මිත්‍රත්වය, වතුපිටි, දේපළ වගේම කොටින්ම ක්‍රීඩාව කියන විෂය ඇතුළෙත් මේ අත්හැරීම කියන දේ එකිනෙකට වෙනස් විදියට අර්ථකථනය වෙනවා. නොගැළපෙන ආදරයක් යහපත් හිතින් අත්හරින්න පුළුවන් අයට ගැළපෙනම ආදරේ අනිවාර්‍යයෙන්ම හම්බවෙනවා. තමන්ට අයිති දෙයක් අකමැත්තෙන් වුනත් අත්හරින්න පුළුවන් කෙනාට, ජීවිතේ දිහා බලලා සතුටු වෙන්න හරිම ලේසියි. තමන්ගේ වතුපිටි දේපළ තවත් කෙනෙක්ගේ සුඛ විහරණය වෙනුවෙන් සුභවාදීව අත්හරින්න පුළුවන් නම්, ජීවිතේ අන්තිම කාලේ හරි සතුටින් ඉන්න ලැබෙයි. සංසාරයෙන් එතෙර වෙන මාර්ගය හදාගන්න ස්වාමීන් වහන්සේලා වුනත්, අත්හැරීම මහා ඉහළින් ප්‍රගුණ කරපු අය. කොටින්ම කියනවා නං ක්‍රිකට් ක්‍රීඩාවේ දී වුනත්, නියම පරිණත ක්‍රීඩකයෙක් නිර්මාණය වෙන්න අවශ්‍යම කාරණයක් තමයි හැම පන්දුවකටම පහර නොදී, නිවැරදිව leave කරන්න පුරුදු වීම. ඉතින්, මේ "අත්හැරීම" කියන සංකල්පය හරියට පුරුදු කරන්න බැරි වුනාම වෙන විපත්, බොහෝම අපූරුවට ඒ films හරහා අපිට පෙන්වනවා.
.......
පහුගිය සතියේ ආයෙත් පෙන්නපු, ඒත් ඊට ගොඩාක් කලින් බලලා තිබ්බ "Ratsasan" film එකේ වෙන හැම මරණයක්ම වෙන්නේ, තමන්ගේ ජීව විද්‍යාත්මක ශරීර සැකසුම නිසා තමන්ව අනෙකාගෙන් ප්‍රතික්ෂේප වීමෙන් ඇතිවෙන ද්වේෂ සිතුවිල්ල අත්හරින්න බැරි වුණ නිසා. 2015 එළියට ආපු "Rahasya" කියන Hindi film එකේ සිද්ධ වෙන මරණයට හේතුව තමන්ගේ ලෙයින් නොවැදූ දරුවෙක් තමාගේ වගේ හිතන්ට බැරි වීමත්, දරුවා වෙනෙකෙකුගේ කුසෙන් බිහිවීමත් නිසා ඇතිවෙන වෛරී සිතුවිල්ල අත්හරින්න බැරි වීම. ඊයේ පෙරේදා එළිදක්වපු "HIT-The First Case" කියන flim එකේ සිද්ධ වෙන මරණයට හේතුව තමන්ගේ සහෝදරියට හිමිවෙන්න තිබ්බ සැප සම්පත්, තමන් එක්ක එකටම හිටපු යෙහෙළියට හිමිවෙලා තියනවා දැකලා ඇතිවෙන ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ල අත්හරින්න බැරි වීම. තමන්ගේ සහෝදරියට සිද්ධ වුණ අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව, තමන්ගේ මුළු පවුලම රවට්ටලා පවුල විනාශ කරපු නිළධාරීන් ගැන, අවුරුදු ගාණක් තිස්සේ හිතේ පැලපදියම් වෙලා තිබුණ ද්වේශය අත්හරින්න බැරි වීම හරහා මරණ ගණනාවක් සිද්ධ වෙන හැටි කියන්නේ "Anjaam Pathiraa" කියන film එකෙන්. තමන්ට හිමි වෙලා තිබුණ ආදරයක් අනෙකා වෙනුවෙන් අත්හැරපු හැටි, "Dia" කියන film එකෙන් අපූරුවට කියලා දෙනවා.
.......
බලපු films වලින් කීපයක් උදාහරණයට අරගෙනයි මේක ලීවේ. මේ වගේ තවත් ගොඩාක් හොඳ concept තියන films තියනවා, විශේෂයෙන්ම Kollywood වල. Free වෙලාවට හොයාගෙන බලන්න. බැලුවම තේරෙයි "අත්හැරීම" කියන්නේ කොච්චර අපූරු සංකල්පයක් ද කියන එක. හැබැයි, ඒ අත්හැරීමට ඉඩ දෙන්න බැරි වුණු තැන සිද්ධ වෙන දේ depict කරන විදිය තමයි, මේ films වල තියන අපූර්වත්වය සහ නිර්මාණශීලී බව.
- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය 

Comments

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||