|| අම්මාවරුනේ ||
අම්මාවරුන්ගේ දිනයත් වැරදියට අර්ථකථනය කළ උන් දැක ලියමි.
......
ශ්‍රී ලාංකිකයා යනු සෑම අතින්ම අන් රටවල වැසියන්ට වඩා වෙනස් ගතිගුණ හිමි ජීවියෙකි. එකම පුද්ගලයාට, විවිධ අවස්ථාවන් වලදී විවිධ ස්වරූප වලට ආරුඪ විය හැක. මේ ස්වරූප විටෙක කාන්තියටත්, තවත් විටෙක ක්ලාන්තියටත් හේතුවන ප්‍රතිඵල ජනනය කළ හැක. එවන් ස්වරූප රාශියකින් හෙබි ශ්‍රී ලාංකිකයාගේ, වීරත්වය පිළිබිඹු කළ තවත් අපූරු සමාජ මාධ්‍ය රැල්ලක් පසුගිය 10 වන ඉරුදින පුරා දැකගත හැකිවිය.
......
අපි හැමෝම අපේ අම්මාට ඉතා දරුණු ලෙස ආදරය කරමු. අම්මාවරුන් වෙනුවෙන් දිනයක් විශේෂයෙන්ම ලෝකය පුරා නම් කොට ඇත්තේ, "එදිනට පමණක් අම්මා මතක් කළ යුතුය" යන අදහස පෙරටු කොටගෙන නොවන බව, හැමටම ලේසියෙන් පසක් වන කරුණකි. එහෙත් ලෝකයේ සෑම වටිනා දෙයක් වෙනුවෙන්ම, විශේෂ කතිකා හෝ විශේෂ ගරු කිරීම් සිදු කිරීම උදෙසා, එක් නිශ්චිත දිනයක් කැලැන්ඩරයේ වෙන් කර තිබේ. එය ජාත්‍යන්තරව සිදුවන දෙයකි. එමඟින් කිසිවිටෙකත් අම්මාට නිසි වටිනාකම දීම එක් දිනකට සීමා කරන්නැයි පවසා නැත. පුහු මානසිකත්වයෙන් හෙබි එක්තරා කොටසක්, තමන් කෙරෙහි අන්‍යයන්ගේ අවධානය දිනාගනු පිණිස හෝ වෙනත් එකී මෙකී නොකී කරුණක් අරභයාම පමණක්, "මව්වරුන්ට විශේෂයෙන් එක් දිනයක් වෙන් කිරීම" හෑල්ලුවට ලක් කරමින් සමාජ මාධ්‍ය වර්ණවත් කරනු දුටුවෙමි.
.......
තමන්ගේ අම්මාට තමන් දක්වන ආදරය ප්‍රකාශ කරන ආකාර, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. අම්මාවරුන්ගේ දිනයේදී එය වඩාත් සුවිශේෂී ලෙස සැවොම සලකයි. ඇතැමෙක් එදිනට ඉන්නා තැනක හිඳ අම්මාට වැඳ දුක සැප සොයා බලයි. ඇතැමුන් එදිනට අම්මාට තෑගි බෝග ගෙනත් දෙයි. ඇතැමුන් අම්මාට එදිනට වත් විවේකයක් දෙමින්, අම්මා නිවසේ කරන සියලු වැඩ ටික කරයි. ඇතැමුන් අම්මා සමඟ පන්සල් පල්ලි යයි. ඇතැමුන් දිගු කාලෙකින් අම්මාව බැලීමට යයි. දුර රටක තනිවූ ඇතැමුන්, අම්මා සමඟ සමාජ මාධ්‍ය හෝ video calls හරහා සම්බන්ධ වෙයි. ඇතැමුන් ගතින් සිටිය නොහැකි වුවත් සිතින් තමා අම්මා ළඟ සිටින බව දැනෙන්නට පෙනෙන්නට, ගී පද වැල් හා රචනා නිර්මාණය කරයි. මේ කිසිත් නොකරන කෙනෙක්, තමන්ගේ සිතට අම්මා දැනුන සැටි පවසන්නට, අම්මාගේ සේයාරුවක් සමාජ මාධ්‍ය තුළ පළකරයි. මේ සෑම ක්‍රියාවක් තුළම, තමන්ගේ මව වෙනුවෙන් සිතෙහි ගැබ්ව ඇති ආදරය සහ සෙනෙහස ප්‍රකාශ වන සුවිශේෂී ආකාරයක් ඇත. එවන් වටපිටාවක් තුළ, "අම්මා වෙනුවෙන් සමාජ මාධ්‍යයේ සේයාරුවක්, ගීයක්, කවියක් සටහන් කළ" උදවියව දෙකේ කොලයට දමමින් සහ හෑල්ලුවට ලක් කරමින්, තවත් පිරිසක් සමාජ මාධ්‍ය වර්ණවත් කරණු දුටුවෙමි. එහෙත් අවාසනාවට කරුණ නම්, සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ, සුප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගේ මෙන්ම අනිකුත් celebrity ගණයට අයත් වන උදවියගේ උපන්දිනයක්, අලුත් නිර්මාණයක් හෝ milestone එකක් ආරංචි වූ සැණින්, ඔවුන් වෙනුවෙන් රූප පිට රූප, caption පිට caption සහ රචනා පිට රචනා දමන්නට එම "වර්ණවත් කුලකය" පසුබට නොවීමයි.

........
තමන් ආදරය කරන, ගෞරව කරන හෝ අගය කරන කෙනෙක් වෙනුවෙන් තමන් ආශා කරන ක්‍රමයක් හරහා එම ආදරය, ගෞරවය හෝ ඇගැයීම පිරිනැමීමේ වරදක්, මා නම් පෞද්ගලිකව දකින්නේ නැත. ඒ ක්‍රමය සමාජ මාධ්‍ය සේයාරුවක්, ගී පද වැලක්, video call එකක්, තෑග්ගක් හෝ එක් ආදරණීය වැළඳගැනීමක් විය හැක. එවන් දෙයක් පවා නුහුරට දකින්නට කෙනෙක් සමත් වන්නේ නම්, ඉන් එහාට රටක් සමාජයක් පෙරමුණට ගෙනියන ආකාරය ගැන සිතීමෙන් පලක් නැත. එහෙත් අවුලක් ද නැත. කුමන හෝ කෝණයකින්, හැමදෙයකම පොඩි හෝ කොස්සක් දකින්නට හුරු වූවන් සිටින සමාජයක් දියුණු වීමට සුදුසු ද නැත.

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය
Comments
Post a Comment