ලෝකයේ වඩාත් වැදගත්ම ජීවියා මී මැස්සා යැයි කීවොත් ඔබ පිළිගන්නවාද ?

 



මිනිසා කෙතරම් බුද්ධිමත් සත්වයෙකු වුවද මතු අනාගතයේ ලෝකයේ වැදගත්ම ජීවියා බවට මී මැස්සා පත්වනවා යන්න ලන්ඩනයේ රාජකීය භූගෝලීය සමාජය විසින් පැවති සංවාදයේදී "Earth watch" ජාත්යන්තර ආයතනය විසින් මතු කරන ලද කාරණාවකි.එයට හේතුව වර්තමානය වනවිට මී මැසි ගහණය 90% කින් පමණ අඩුවී තිබීමයි.වර්තමානය වනවිට මී මැස්සා වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ලැයිස්තුවේ පවා ඉහළින් සිටිනු දැකීම කනගාටුවට කරුණකි.

 

සෘජුවම හෝ වක්රාකාරව මිනිසාගේ ආහාර දාමයන්ගෙන් 2/3ක්ම රඳා පවතින්නේ මෙම කෘමින්ගේ පරාගන සංයෝජනය මතය.එමෙන්ම ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් 70%ක්ම රඳා පවතින්නේ මේ මී මැස්සන් මතය.එයට හේතුව ශාකවල ප්රති නිෂ්පාදන ක්රියාවලියට හේතුවන පරාගනය සිදුකිරීමට මූලික වන්නේ මී මැස්සන් වීමයි.

 

වර්තමානය වනවිට  මී මැස්සන් ඉතා සීඝ් ලෙස අඩුවීමට වන විනාශය  ප්රධාන ලෙසම බලපා ඇත.ඊට අමතරව අවිධිමත් ලෙස මී වද කැඩීම , දුරකථන සංඥා යනාදියද හේතු සාධක වී ඇත.

 

ඉහත හේතුන් මත මී මැස්සන් ආරක්ෂා කර ගැනීම ඔබ අප කාගේත් වගකීමක් බව මතක් කර දිය යුතුමය.මේ සඳහා ඔබට ගෙවත්තෙහිම කුඩා මී මැසි පෙට්ටියක් සාදා ගත හැකිය.බිඳුනු මැටි කළයක් වුවද සඳහා උචිතය.එමගින් ඔබට ඖෂධීය ගුණයෙන් යුතු මී පැණි පරිභෝජනයට මෙන්ම ස්වයං රැකියාවකට යොමුවීමේ ඉඩහසර විවෘත වේ.

 

මිහිමඩල තුළ සෑම ජීවියෙකුටම ජීවත් වීමට අයිතිය ඇත්තා සේම , එකිනෙකාගේ පැවැත්මට එකිනෙකාගේ සහය   අත්යාවශ්යය.ඉඳින් අප රැකෙන්නට නම් ඔවුන්ද රැකිය යුතුය.

 

වෙනුවෙන් ඔබගේ රජකාරිය ඉටුකරන්න.නැත්නම් ඔවුන්ගේ හුස්ම අවසන්වන දිනක මානවයාගේද හුස්ම අවසන් වනු ඇත.

 

හසනිකා දසනායක

කෘෂිකර්ම පීඨය

Comments

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||