|| Radium Girls ||

Online Lecture series එකේ රක්තවේදය (Haematology) විෂයට අදාළ lecture එකක් බැලුවා. ලියුකේමියාව (Leukaemia) ගැන උගන්නපු ඒ lecture එකේ සඳහන් වුන interesting තොරතුරක් ගැන කියන්න හිතුවා.
.......
ලියුකේමියාව කියන්නේ අපේ ශරීරයේ තියන රුධිර සෛල අසාමාන්ය විදියට ගුණනය වෙලා හැදෙන පිළිකා රෝග සමූහයකට. මෙය කෙටි කාලීන හේතුවක් නිසා (acute) හෝ දීර්ඝ කාලීන හේතුවක් නිසා (chronic) ඇති වෙන්න පුළුවන්. එයට හේතුවෙන එක රෝගකාරකයක් තමයි "විකිරණය" (radiation). ජීවිත කාලය තුළ අපි බොහෝ දෙනෙක් නොයෙක් විකිරණ වලට expose වෙනවා. ඒ විදියට කෙටි කාලීනව expose වෙන විශාල අගයක විකිරණ නිසා හෝ දීර්ඝ කාලීනව expose වෙන මධ්යම අගයක විකිරණ නිසා, අපේ ඇට මිදුළු වල රුධිර සෛල නිපදවීමේ ක්රියාවලියට හානි වෙන්න පුළුවන්. මේ කාරණය ගැන මුලින්ම ලෝකෙට හෙළිදරව් වුන කතාව, විශේෂ කතාවක්.
.......
ලෝකයේ සිද්ධ වුන කාර්මික විප්ලවයත් එක්ක ගොඩාක් බටහිර රටවල් විවිධ නිපැයුම් කරන්න පටන් ගත්තා. ඒ විදියට ඇමෙරිකාවේ සහ ඉතාලියේ මුලින්ම පටන් ගත්ත කර්මාන්තයක් තමයි "ඔරලෝසු කර්මාන්තය". 1916 වසරේ මේ වෙනුවෙන් ඉදිවුන මුල්ම කර්මාන්තශාලා වලින් එකක්, ඇමෙරිකාවේ නිව් ජර්සි ප්රාන්තයේ පිහිටෙව්වා. ඒ කාලයේ වැඩිම ඉල්ලුමක් තිබුනේ, රාත්රියටත් ඉතා හොඳින් වෙලාව කියවන්න පුළුවන් විදියට "glow" එකක් නැත්නම් "luminous nature" එකක් සහිතව නිපදවපු ඔරලෝසු වලට. ඔරලෝසුවේ ඉදිරිපස අංක සහිත කොටස හෙවත් "dial" එක, "Radium" සහ "Phosphorous" වලින් හදපු විකිරණශීලී මූලද්රව්ය මිශ්රණයකින් ආලේප කරලා තමයි මේ glow එක අරගන්නේ. මේ ආලේප කිරීමේ රැකියාවට ඇමෙරිකාවේ වගේම ඉතාලියෙත් තරුණ කාන්තාවන් employ කරවලා තියනවා. ඒ කාලේ මේක බොහොම වැදගත් රැකියාවක්. ඒ නිසා ගොඩාක් තරුණ කාන්තාවන් මේ වෙනුවෙන් යොමු වුණා. Dial එකේ තියන 1 ඉඳන් 12 වෙනකල් අංක වල මේ මිශ්රණය ආලේප කරන්න නම්, තමන්ගේ පින්සලේ කෙඳි තුඩ කෙළවර අතිශය උල්ව පවත්වගන්න ඕනේ. ඒ සඳහා මේ කාන්තාවන්ට උපදෙස් දීලා තිබුණේ තමන්ගේ තොල් උපයෝගී කරගන්ට. මේ විදියට දවසට සෑහෙන වාර ගානක් Radium-Phosphorous අඩංගු වුන විකිරණශීලී සංයෝගය ශරීරගත කරගන්ට මේ කාන්තාවන්ට සිද්ධ වුණා. තමන්ගේ හාම්පුතුන් දුන්න guarantee එක නිසා කවුරුත් මේකේ තියන අවදානම ගැන සැකයක් තියාගත්තේ නෑ.
.......
මේ විදියට මාස ගානක් අවුරුදු ගානක් ගතවෙද්දී, කාන්තාවන් එකා බැගින් ලෙඩ වෙන්න පටන්ගත්තා. ගොඩාක් දෙනෙක්ට ආවේ මුඛය ආශ්රිත රෝග. අකලට දත් වැටීම, මුඛ පිළිකා වගේම අතිශය දරුණු "Radium Jaw" කියන රෝග ඒ අතරින් බහුලව දකින්න ලැබුණා. Radium Jaw කියන රෝගයේදී සිද්ධ වෙන්නේ, radium නිසා අපේ ඉහළ සහ පහළ හකු අස්ථි ක්රම ක්රමයෙන් දිරායාමට ලක්වීම. අස්ථි නිපදවීමට සහ ශක්තිමත්ව පවත්වාගන්නට අවශ්ය Calcium වලට පහර දීලා, ඒ වෙනුවට Radium අපේ අස්ථි වලට ඇතුල් වෙලා අස්ථි විනාශ කරනවා (Radium - Induced Bone Necrosis/Radium - Induced Osteoclasis). ඒ වගේම ඇට මිදුළු ඇතුළේ සුදු රුධිරාණු නිපදවන ක්රියාවලියට (විශේෂයෙන්ම Neutrophil සහ Myelocyte කියන සෛල) පහර දීලා, "Chronic Myeloid Leukemia" කියන පිළිකා තත්වය ඇති කරන්නත් මේ විකිරණ මුලද්රවයයට පුළුවන්. මුල් කාලේ මේ ගැන අවධානය යොමු වුනේ නැතත්, තාක්ෂණයේ සහ දැනුමේ දියුණුවත් එක්කම පර්යේෂණ හරහා මේ ගැන ලෝකෙට හෙළිදරව් වුණා. විශේෂම කරුණ තමයි, ඒකට මුල් වෙලා පරීක්ෂන වලට භාජනය වෙන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙලා තියන්නෙත් අර factories වල වැඩ කරපු කාන්තාවන්ම වීම. ඇමෙරිකාවේ වගේම ඉතාලියේත් මේ දේම සිද්ධ වුණා. ඉතාලි නාවික හමුදාවට ඔරලෝසු නිෂ්පාදනය කරපු මුල්ම brand එක වුන "පැනෙරායි" (Panerai) සමාගමේ අයිතිකරු, "ගිඩෝ පැනෙරායි" (Guido Panerai), Radium Bromide සහ Zinc Sulphide මිශ්රණයක් හඳුන්වලා දුන්නා මේ වෙනුවෙන්. ඊට කාලෙකට පස්සේ "Tritium" කියන විකිරණශීලී මුලද්රව්යය ඒ වෙනුවෙන් පාවිච්චි වුනා, ඒකෙ තිබ්බ වැඩි දීප්තිය (glow) නිසා. එත් ශරීරයට වුන හානිය නම් අඩු වුනේ නෑ. මේ නිසාම මිනිස් ශරීරයට අහිතකර නොවන මට්ටමින් Tritium ආලේපන ප්රමාණය තබාගෙන ඔරලෝසු නිපදවුණා. මේ මට්ටම 25mq ට වඩා අඩු අගයක්. ඔරලෝසුවේ dial එකේ තැනක " T<25 " කියලා ගහලා තියනවා නම්, ඒකේ නිවැරදි හිතකර විකිරණ ප්රමාණයක් තියනවා.
.......
Radium සහ Tritium වල මේ දීප්තිය දනවන ස්වභාවය (glow) නිසා පස්සේ කාලෙක Skin Creams හා Toothpaste හදන්නත් පාවිච්චි කළා. හැබැයි වැඩිකල් යන්න කලින්, තරුණ කෙල්ලන්ට glow එකට හපන් death එකක් උරුම කරන්න ඒ skin creams සමත් වුණා. ඊට පස්සේ තමයි ඒවාට නොයෙක් ආදේශ හොයාගත්තේ. හැබැයි කෙල්ලනේ පරිස්සමින්. තාමත් ඔයාලගේ skin creams වල මේවා තියනවාද දන්නේ නෑ. ගන්න එකක් හොඳට හොයලා බලලා ගන්න එක ඇඟට ගුණයි කියලා අන්තිමට කියන්න කැමතියි 😊😊😊.

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය 

Comments

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||