Mohothak Sithanna...
෴ ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං
ධනං - විස්වාසා පරමා ඥාති - නිබ්බානං පරමං සුඛං
෴
“පරම
ලාභය වන්නේ නීරෝගිකමය, පරම ධනය සතුටය, පරම ඥාතිත්වය විශ්වාසයයි, පරම සුවය නිර්වාණයයි.”
මොහොතක් සිතන්න, ඔබ
බෞද්ධයයෙකුනම්, මෙම ගාථාව කෙතරම් වරක් ඔබ අසා තිබේ ද, ඇසී තිබේ ද, කෙතරම් වරක්
කට පාඩම් කොට ගිරවකු සේ කියා ඇති ද, නමුත් ඔබ කවදා හෝ එය හදතින් විමසා,තර්කාණුකූලව
අරුත් වටහා ගෙන තිබේ ද, විශ්වාසය මා මෙන්ම ඔබට ද එය හුදෙක් තවත් එක් ගාථාවක් වූවා පමණි.
පරම
ලාභය උගසට සින්න වීමට යන්නා වූ මොහොතක් බඳු වු මෙවන් අන්තරාකරි වූ සමාජ පසුබිමක් තුල සිට මා මෙම ගාථාව මුල් කොට
සිතූ දෑ මෙසේ අකුරු කලෙමි. දෙඇසට නොපෙනෙන අංශුමය,
ගැනිය හැකි තරම් වූ ලේඛිත ජාන අන්තර්ගත RNA අණුවක් ඉදිරියේ ලොවක් අද දණින් වැටී ඇත.
ලෝක පාලකයා තමන් යැයි සිතු, ලෝකයම තම අතැගිලි වල යැයි සිතූ මානාධික මනුසතා නම් සත්ත්ව
විශේෂය අද සොභාදහම ඉදිරියේ අසරණව ඇත.තමන් සොභාදහමේ තවත් එක් කොටසක් පමණක් බව අමතක කල
මනුෂය වර්ගයා හට මේ සොභාදහම පෙන්වන්නේ අප නොව ඇයයි මෙහි පාලකයා බව නොවෙද.
සැබැවින්ම COVID 19 මාරාන්තික වූයේ මිනිසුන්ටය.මේ මොහොත තුලද පරිසරය තම දෛනික චරියාවේය.තුරු
ලතා වැඩේ, සතා සිවුපාවුන් තම නිදහස් ගමන තුලය.නමුත් අප කූඩූ වී ඇත.අප නිසා රෝගි වූ
සොභාදහම නැවත සුවය ලබමින් සිටී.මොහොතක් සිතුවහොත්
සැබැවින් ම අප නොවෙද සැබෑ වෛරසය වී සිටින්නේ මේ ලෝකයට.
ධනවාදය
මුල් කොට ගත් සමාජය තුල හුඳු කඩදාසියක් වූ මුදලට නැති වටිනාකම් ලබා දී,නොනවතින ගමනක
දිවගිය අපහට මොහොතක් නැවතී,අප යන ගමන දෙස නැවතවරක් සිතා බැලීමට දුන් විරාමයක් ලෙස මේ
මොහොත දෙස අප හට බැලීමට හැකිය.අපණයන ආර්ථිකයෙන් මිදී,නිශ්පාදන ආර්ථිකයක් තුලින් ස්වයං
පෝෂිත ආර්ථිකයක් ගොඩ නැන්වීමට අප සැමගේ උත්සහය
ලබා දිය යුතුය.එය අපගේ වගකීම වන්නේය.එම වගකීම ඉටු කිරිමට මුල්ම පියවර ලෙස මේ කාලය තුල
එකදු පැළයක් හෝ සොභාදහමට තිලිණ කිරීමට තරම් හෝ ඔබ කතවේදී වන්න…
Nishani Devindi
Faculty
of Agriculture
University
Of Peradeniya
It's really good! Continue writing!
ReplyDeleteIt's really good 👏👏👏
ReplyDelete