|| Hero ||
අවුරුදු චිත්‍රපට වසන්තයකට මැදි වෙලා මේ ටිකේ ගෙවෙන ජීවිතය ඇතුළේ බලපු, තවත් හරි අපූරු චිත්‍රපටයක් ගැන කෙටියෙන් පොඩි දෙයක් කියන්න හිතුවා. කොහොමත් දකුණු ඉන්දියාවේ හැදෙන හැම චිත්‍රපටයක්ම වගේ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ සමාජයේ තියන ප්‍රශ්න. ඒවලින් බොහොමයක් ප්‍රශ්න අපේ සමාජයෙත් දකින්න තියනවා අඩු වැඩි වශයෙන්. අපේ සිනමා කලාව ඇතුළේ මේ සැබෑ ප්‍රශ්න එළියට ගැනෙන්නේ හරිම අඩුවෙන් කියලයි මම හිතන්නේ. ඒ නිසා අපේ වර්තමාන සමාජය ඇතුළේ තියන ප්‍රශ්න ටික, ඒවාට හේතුව, හේතුව නැති කරන විදිය සරලව නිරුපණය කරලා, මිනිස්සුන්ගේ motivational thoughts දියුණු කරන විදියේ සිනමාවක් ගොඩනගන්න තාමත් අපි පරක්කු නෑ.
........
ඉන්දියාවෙයි අපේ රටෙයි මේ වෙද්දී තියන පොදු ගැටළුවක් ගැන කතාකෙරෙන මේ චිත්‍රපටය release වෙන්නේ 2019 දෙසැම්බර් මාසයේ. චිත්‍රපටය පටන් ගන්නේ, තමන්ගේ අනාගත බලාපොරොත්තුව "Super Hero" කෙනෙක් වෙන එක කියලා හිතන "ශක්ති" කියන පුංචි ළමයගේ සිද්ධියකින්. ඒකත් එක්කම ශක්ති ලොකු වෙලා කරන රැකියාව වෙන හොර සහතික print කරන press එකයි, පාසල් විභාග වලින් ලකුණු අඩු වෙලා තමන්ට හරි තමන්ගේ දෙමාපියන්ට හරි ඕනේ තැනට යන්න බලන් campus apply කරන්න දතකන මිනිස්සුන්ගෙන් කොමිස් මුදල් අරගෙන ඔවුන්ට campus වල seats වෙන් කරලා දෙන හැටියි ඊට පස්සේ පෙන්නනවා. ඔය විදියට ගලාගෙන යන කතාවේ දුෂ්ටයාගේ වැඩ හෙළි වෙන්නේ එතනින් එහාට. කවුරුත් නොදන්නා තැනක ඉන්න වෙනස් විදියට හිතන ගුරුවරයෙක් එක්ක එකතු වෙලා, පුංචි innovative minds ටිකක් නිෂ්පාදනය කරන අලුත් නිර්මාණ ටික හොරකම් කරලා පිටරටට විකුණලා සල්ලි හොයන මිනිහෙක් වටේ ඊට පස්සේ ගෙතෙන කතාව, සමාජෙට ලොකු කතාවක් කියලා ඉවර වෙනවා. අන්තිමට, තමන්ගේ නංගි කෙනෙක් වෙන "මදී" ට වගේම රටේ ඉන්න වෙනස් විදියට හිතන (හැබැයි ඒ චින්තනයට ඉඩක් ලැබිලා නැති) තවත් ළමයි ගොඩකට වෙන අසාධාරණයට විරුද්ධ වෙලා, ඇත්තටම තමන් පුංචි කාලේ හිතපු "Super Hero" වෙන්න ශක්තිට පුළුවන් වෙනවා. මේ ටික විතරක් ඇති. මුළු කතාවයි ඒකෙන් කියවෙන පණිවිඩයයි, චිත්‍රපටය බලලාම තේරුම් ගන්න කියලා ආරාධනා කරනවා. නව නිර්මාණ ගැන වැඩිපුර කියවෙන මේ කාලෙට හරි වැදගත් පණිවිඩයක් වෙයි ඒක. පුළුවන් නම් පවුලේ හැමෝම එක්ක බලන්න.
........
සිවකාර්තිකේයන්, අභෙයි ඩියෝල්, අර්ජුන්, රොබෝ ශංකර්, කල්‍යාණි ප්‍රියදර්ශන්, ඉවානා කියන නළු නිළියන් පිරිස ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය P.S. Mithran ගෙන්. Peo TV තියන කට්ටිය හෙට දවල් 1ට කලින්, දෙරණ නාලිකාවේ 13 වෙනිදා දවල් 1 belt එකට rewind කරලා බලන්න. නැති අය download කරලා බලන එකත් පාඩු නෑ. චිත්‍රපටයේ නම " HERO ".

- යශෝද් රාජසිංහ -
වෛද්‍ය පීඨය
වෛද්‍ය පීඨය
I will watch that film for sure.continue writing!❤
ReplyDelete