ස්වයං නිරෝධායන සමය ,ඔබගේ ජීවිතයේ ස්වර්ණමය යුගයයි

අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙමු, විභවයන් හඳුනා ගනිමු

සත්වයින් ගත් කළ ඔවුන් නිර්මාණය වී ඇත්තේ පරමාණු වලිනි.පරමාණු ඊටත් කුඩා අංශු වන උපපරමාණුක අංශු වලින් තැනී ඇත .මෙම අංශු වටා ශක්ති විශේෂ පවතී.ශක්තිය මැවීමට හෝ නැසීමට නොහැක .නමුත් ශක්ති පරිණාමනය කළ හැක.විශ්වය ගත් විට සෑම අංශුවකටම හිමි ශක්තියක් පවතී. ශක්තිය පිළිබඳ අයින්ස්ටයින් සමීකරණ E= mc2, E=hf දැක්විය හැක.එම සමීකරණ වලට අනුව කිසියම්  වස්තුවක නිශ්චිත ශක්තියක් අරභයා නිශ්චිත සංඛ්‍යාතයක් පවතී.ඒ  අනුව අප සියළුම දෙනාට නිශ්චිත සංඛ්‍යාතයක් පවතී..අපට පවතින සංඛ්‍යාතයෙන් තවත් කෙනෙකුව අනුනාද කිරිම හෙවත් සංඛ්‍යාත සමාන ආකාරයෙන් චලනය කිරීම සිදු කළ හැකිය

ඇතැම් විට සොබාදහමට අයත් ගස් වැල් සතුන් අපගේ සංඛ්‍යාතයට අනුව චලනය කළ හැක. යම් පුද්ගලයෙකු ගත් විට එම පුද්ගලයා වටා ශක්ති වළල්ලක් පවතී.මෙය "ඕරාව" ලෙස හඳුන්වයි.එක් එක් පුද්ගල සංඛ්‍යාතයන්ට අනුව එක් එක් අයගේ ඕරාවේ ප්‍රමාණය් වෙනස් වේ. සොබාදහමට හිතෛෂී  ,මෛත්‍රී කටයුතු, සුබවාදී ,ධනාත්මක පුද්ගලයන්ගේ ඕරාව ශක්තිමත් වන අතර සොබාදහමට වෛරී කටයුතු කරන,අසුබවාදී ,ඍණාත්මක පුද්ගලයන්ගේ ඕරාව තුනී වන අතර එය අඳුරු පැහැයෙන්ද  යුක්තය. ඕරාව නිර්මාණය වන්නේ පුද්ගලයන්ගේ යටි සිතෙහි ශක්තිය තුළිනි. යටි  මනසෙහි පවතින මෙම ශක්තිය අවබෝධ කරගත් / යටි සිතේ ශක්‍යතාවන් නොදැනුවත්වම අවධි වූ බොහෝ දෙනෙකුගේ ජීවිත අතිශයින්  සාර්ථක වී ඇත.

එදිනෙදා ජීවිතයේදී අපට හමුවන අය දෙස බලමු. සමහරු ඉතා ශෝකාතුරවද ,ඇතැමෙක් ඉතා ප්‍රභාමත්ව සතුටින් ගත කරති. ඇතැමෙක් කටයුතු බොහොමයක යෙදෙති. ඔවුනට මහන්සියක් නැත .ඔවුන් දවස අවසන් වන තෙක් එක ලෙසම මුව සිනාවකින් යුතුව කටයුතු කරති. වැඩ දහසක් වුව නිම කර සිනා සීමට ඔවුනට හැක.එහෙත් සමහරු එසේ නොවේ, තම එදිනෙදා කාර්‍ය ප්‍රමාණයද සම්පූර්ණ කරගත නොහැකිව ළත වෙති.තැවෙති. " අනේ මා කොතරම් අවාසනාවන්තද? ,කිසිදෙයක් හරි යන්නේ නැත,මා කිසිදු වැඩකට නැති අයෙක්" මම කොපමණ දුප්පත්ද ?" ලෙස ඔවුනගේ යටි සිත " වැඩසටහන් " programme කරගෙන ඇත. මෙසේ  බොහෝ දෙනාගේ මනසේ පවතින ඍණාත්මක කොටස "Paradhyme"  ලෙස හඳුන්වයි. මෙසේ ඍණාත්මක කොටස් වැඩිවූ විට පරිසරයට තමා විසින් මුදාහරින ශක්ති සංඛ්‍යාතය අඩු වේ..එනම් පුද්ගලයාගේ ඕරාව දුර්වල වේ. එවිට එම පුද්ගලයා පිටතට සම්ප්‍රේෂණය  කරන ශක්තිය ශක්තියට අනුරූප ශක්තියක් මිස ඊට වඩා ශක්තියක් එම පුද්ගලයා වෙතට පරිවර්තනය නොවේ.  එසේම අඩු සංඛ්‍යාත ඇති අයට අඩු සංඛ්‍යාතත්, වැඩි සංඛ්‍යාත ඇති අයට වැඩි සංඛ්‍යාතත් පරිවර්තනය වේ.

තරමක් දිගු වුවත් බොහෝ දෙනාගේ අවධානය පිණිස , තේරුම් ගැනීමේ පහසුව පිණිස තරමක් වෙනස් ආරම්භයකින් මේ පරිච්ඡේදය  මා ඇරඹුවේ, බොහෝ දෙනා මේ කොරෝනා වසංගතය නිසා කොරෝනා ස්වයං නිරෝධායනය වීම නිසා මානසිකව ඍණාත්මක ආකල්පයකට වැටී ඇතැයි සිතූ නිසාවෙන්....

මම මගේ සටහන මෙසේ අකුරු කරන්නට ප්‍රිය වෙමි.

අපි සැවොම සාඩම්බර ශ්‍රී ලාංකිකයෝ වෙමු. අපි උතුරු අක්ශාංෂ 5 ත් 10ත් ,නැගෙනහිර දේශාංෂ 79 ත්  82 ත් අතර භූමි පිහිටීමක ,වසර පුරා ලැබෙන පැතිරුණු සූර්‍යා ලෝකය සහිතව ,ඉතා භාග්‍යසම්පන්න ස්ථානයක ස්ථාන ගත වී සිටිමු. අතීත ශක්තිමත් උරුමයත් හෙළ රහස්  ,හෙළ වෙදකම්, හෙළ කෘෂි කම් සහිතව ශක්තිමත් ජාන පරම්පරාවකින් පැවෙත එන්නෝ අපි වෙමු. විදේශීය ආක්‍රමණ වල බලපෑමට ලක් වූ අපගේ ශක්‍යතාවන් මානසික ශක්තිය ක්‍රමයෙන් කාලයේ වැලි තලාවෙන් යට වී ගියද වර්ණදේහ වල සැඟවූ ජාන වල  ශක්තිය තවමත් නැති වී නැත. එය දෑස් ඉදිරිපිටම ඔප්පු වෙමින් පවතී. උදාහරණයක් ලෙස පවතින වසංගත තත්වය හමුවේ අප රට එයට මුහුණ දෙන අයුරුත් අනෙක් බලවත් යැයි පවසන දේශයන් මුහුණ දෙන අයුරුත් දුටු විට අප කොතරම් ශක්තිමත්දැයි සිතා ගත  හැක.කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකිකයා ඕනෑම දෙයකට තවත් අයෙක් විවේචනයේ යෙදෙන , අඩුපාඩුම දකින ,ඕනෑම ගැටලුවක සුබවාදය නොදකින, ලද දෙයින් සතුටු නොවන  ,මා ආරම්භයේ කී පරිදි ඍණාත්මක සංඛ්‍යාතයන්  ගෙන් පමණක් සුසර වන සංඛ්‍යාත  අල්වමින් සිටිති, කාලයක් තිස්සේ මේ ඍණාත්මක සංඛ්‍යාත ඇල්වූ කල යහපතට වඩා අයහපත ආකර්ශනය කොටගෙන දුක් වෙති .මනස ඍණාත්මක ලෙස පෝෂණය කරති. මෙසේ සුසර වන සිත, කොරෝනා  වසංගත තත්වය හමුවේ කෙලෙස ක්‍රියා කරනු ඇතිද? ඔබට සිතා ගත හැකිද?

 බොහෝ දෙනා " අයියෝ මොන කරදරයක්ද? ,ගෙදරට වෙලා වෙලා ඉදලා ඇති වෙලා ,සැලොන් යන්නෙ කොහොමද ?, අයියෝ කන්නත් නෑ ,මේ මොන කරුමයක්ද ?" වශයෙන් බොහෝ දෙනා මනසේ ඍණාත්මක  කොටස සුසර කරති. එහෙත් ඔබට පුළුවන් නම් මෙහෙම හිතන්න අනිවාර්යයෙන්  මේ කොරෝනා සමය තුල ඔබ ඔබව දියුණු කර ගනීවි
 කෘෂිවිද්‍යා පීඨයේ දෙවැනි වසර උපාධි අපේක්ෂිකාවක් වන මම, තරමක් කාර්‍ය බහුල අයෙක්මි, ඒත් ඒ කාර්‍ය බහුලත්වයට මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා. මොකද මාව ඉස්සරහට ගෙනියන්නෙ ඒ කාර්‍ය බහුලත්වය නිසා. Busy Academic  Schedule එක අතර තුරේ මම ගොඩක් සතුටින් ඉන්නව කියල කියන්න කැමති. කොතරම් කාර්‍ය බහුල වුණත් , මම මටම වෙන් කර ගත්ත කාල සටහනකට වැඩ කටයුතු කරල දවස අවසානයේ කුඩා හරියක් මගෙ කාර්‍ය ඉදිරියෙන් දාලා ගොඩක් සතුටු වෙනවා. සාමාන්‍යයෙන් මගේ ජීවිතය ගත්තොත් මම වැඩ කටයුතු ගොඩක නිරත වෙන අයෙක් , කුමක් හෝ හේතුවක් මත දක්ශතා කිහිපයක් මට සොබාදහමින් ලැබිලා තියෙනවා. ඔබට ප්‍රශ්නයක් අසාවි "දැන් නම් ඔයාට වැඩ අඩු ඇති නේද"? කියල  ,ඔබ විශ්වාස නොකරාවි ,මම කිව්වොත් ,"නෑ මම Academic තිබ්බ කාලෙටත් වඩා කාර්‍ය බහුලයි" කියල. මම දකින විදියට ,කෘෂිවිද්‍යා උපාධි  අපේක්ෂිකාවක  විදියට ,මම මේ කොරෝනා රෝගය නිසා නිවෙසට වී සිටින කාලය මගේ ස්වර්ණමය කාලය විදියට සලකන්න කැමති. මොකද මේ ලැබෙන්නෙ අපිට අවශ්‍ය වෙලා තිබ්බ ප්‍රතිශක්තිය , අපේ දක්ශතා ඔප්නංවා ගන්න මීට වඩා හොද යුගයක් තවත් එන්න පුළුවන්ද ? කවි නිර්මාණය ,චිත්‍ර නිර්මාණය,තනු නිර්මාණය , දෛනික ශරීර ව්‍යායාම කරන්න අපිට මීටත් වඩා නිදහසක් තිබෙන කාලයක් තියෙන්න පුළුවන්ද? ඔයාලගෙ ආදරණීයන්ට සමීප වෙන්න මීට වඩා හොඳ කාලයක් තව තියෙන්න පුළුවන්ද?
කෘෂිවිද්‍යා උපාධි අපේක්ෂිකාවක විදියට ,ලාංකිකයකු ලෙස කළ හැකි දේ බොහොමයක් අපිට ඉතිරියි. අපට පුළුවන් ,  පර්‍යේෂණයක් කරල ප්‍රතිඵල අත් දකින්න ,ආහාර පිට රටින් අරගෙන එන විවෘත ආර්ථිකය නවතා අපිට අවශ්‍ය දේ අපිට නිර්මාණය කරගන්න පුළුවන් ශක්තිය අපි අතේ තියෙනවා . ලංකාවෙ වැවෙන්නෙ නැතැයි ,වගා කල නොහැකියි කියන පරිප්පු , ඇපල්, වගේ භෝගයක් අපට වගා කළ හැකි දැයි උත්සාහ කර බලන්න ඔබට පුළුවන්, පරිප්පු සාර්ථකතව මේ ලංකාවේ දේශගුණය යටතේ වගා කල හැකි යැයි කිවහොත් ඔබ එය විශ්වාස කරනවාද? පරිප්පු වල බීජය අපට ලැබෙන්නෙ පියලි දෙක වෙන් කල පසුයි. නමුත් පියලි වෙන් නොකල පරිප්පු බීජ සොයා ගත හොත් එය ඉතා සාර්ථකව ලංකාවේ වගා කල හැකි භෝගයක් වනු ඇත.ගැටලුව ඇත්තේ බීජ සොයා ගැනීම සම්බන්ධවයි. ඊට අමතරව වගාවට අවශ්‍ය කොහුබත් ,කොම්පෝස්ට් ඔබට නිවසේ නිර්මාණය කල හැකියි . මේ තමයි කාලය අපට අපට අවශ්‍ය දේ සාදා ගන්න . ගෑනු ලමයෙක් විදියට රූපලාවන්‍ය ගැන ගොඩක් උනන්දු අය අප අතර ඉන්න පුළුවන් ,තමන්ට අවශ්‍ය fairness ක්‍රීම් එක තමන්ටම හදා ගෙන ස්වාභාවිකව පැහැපත් වෙන්න පුළුවන් නම්, එහි වටිනාකම කියලා නිම කරන්න බැරි වේවි. ඔබ උනද්දු නම් මේ සූර්‍ය රශ්මිය දැඩිව පවතින කාලයේ පැඟිරි ( citrus) කුලයේ ශාක වල peels සති දෙකක් වියලා  blender කර ගෙන වෙළද පොලේ අධික මිල සහිත orange peel powder එක නිවසේදීම නිර්මාණය කරගෙන ,මී පැණි ,කහ මිශ්‍ර කර ආලේප කරල ස්වාභාවිකව  රන්වන් පැහැයක් ලබාගත හැකියි(අන්තර්ජාලය ඇසුරින් ) .අපිට බැහැ අපිට නැහැ , කියමින් මේ වටිනා කාලය අපතේ යැවීම කොතරම් අපරාධයක්දැයි සිතන්න .සියල්ල සිදු වන්නේ යහපතට ලෙස සිතමු .අභ්‍යන්තරයෙන්ම  වෙනස් වෙමු .ශක්තිමත් වෙමු.සුළු අමතර කරුණු කිහිපයක් මෙහි ඇතුලත් කිරීමට කැමැත්තෙමි ඒ පහත දේවල් වේ...,

අපට වැඩි ශක්තියක් සම්ප්‍රේෂණය කොට ගෙන ඕරාවේ ශක්තිය වැඩි කර ගත හැක්කේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ දෙස සලකා බලන්න.,උන්වහන්සේගේ මනසින් පිටවූයේ මෛත්‍රිය ,කරුණාව ,වැනි ධනාත්මක කරුණු හා ගුණාංග වේ.උන්වහන්සේගේ ඕරාව ,බුද්ධරශ්මි මාලාවක් ලෙස ඇතැම් රූප වල ඔබ දැක ඇත.බොහෝ විට හිත දියුණු කල ධ්‍යාන ලාභින්ගේ ඕරාවේ ඝනකම ඉතා වැඩිය. ඒවායේ පැහැයන්ද එකිනෙකට් වෙනස් වන්නේ එක් එක් අයගේ ශක්තිය නොහොත් මනසේ ශක්තිය අනුවය. බෞද්ධ දේශනා වට අනුව.,ධම්ම පදයේ පළමු ගාථාව වන ,

"මනෝ පුබ්බංගමා ධම්මා -මනෝ සෙට්ඨා මනෝමයා "ලෙස දක්වා ඇත්තේ සියල්ලටම මනස පෙරටුගාමී වන බවය. එලෙසින්ම යටි සිත දියුණු කර ගත හැක්කේ  යහපත් සිතිවිලි වලිනි. සාර්ථක මිනිසුන් බොහෝ දෙනෙකු මෙලෙස ජීවිතයේ සතුට දැනුවත් ව හෝ නොදැනුවත්ව ලඟා කරගෙන සිටිති. වෙනස් වීමට ඕරාව ශක්තිමත් කරගැනීමට  කලහැකි දේවල් දැන් බලමු. මේවා සනුමානයෙන්ම සිදු කර තමාටම ප්‍රතිඵල  අත් විඳිය හැක. ඒවා මොනවාදැයි බලමු.

01. විවේචනයෙන් වැලකීම
02. ලද දෙයින් සතුටු වීම
03. පවතින තත්වයට ස්තූති වන්ත වීම
04. සොබාදහමට පරිසරයට අහිතකර දේ මුදා නොහැරීම



01. විවේචනයෙන් වැළකීම

බොහෝ දෙනා අනික් අය විවේචනයේ යෙදෙමු.අප රටේ බොහෝ දෙනා අනෙක් අය විවේචනයේ යෙදෙති. කලින් කලට රටේ සිදුවන දෙයට ගරහති. අනෙකාගේ හොඳ ගුණ නොදකිති. නරකම දකිති. එසේ යමෙකුගේ නරක ගති පමණක් නාභි ගත කල විට සොබාදහම විසින් ඔහු හෝ ඇයගේ නරක චිත්‍ර පමණක් පෙන්වති. අපේ සංඛ්‍යාත අඩු මට්ටම ඇති විට තත්වය එසේය.

  02.ලද දෙයින් සතුටු වීම
                           බොහෝ දෙනෙක් ,මට නැත ,මට නොහැක, මගේ අවාසනාව යැයි සිතා,මනසින්  ඍණ සංඛ්‍යාත අල්වති . තමා සතුව ඇති දෑ පිලිබඳව සතුටු නොවෙති .තමා සතුව රුපියලක් ඇත්නම් ,ලෝකයේ රුපියලක් වත් නොමැති අයකුට වඩා මා කොතරම් පොහොසත්  දැයි සිතන්න .කරණීයමෙත්ත සූත්‍රයෙහි සඳහන් "සන්තුස්සක" යන්නෙන් හඳුන්වන්නේ මෙය වෙයි. ඔබට සතුට ආකර්ශනය වේවි.ඇතැම් විට අප සතු දේවල් අහිමිව ගිය විට අපි ඒ දෙයට වෛර කරමු,නමුත් සිතන්න ඒ දෙය අහිමි වීම .පසුකාලීන ඔබේම යහපතට සිදුවූවක් බව. එයින් සතුට ඔබට ආකර්ශනය වේවි.ඍණ සංඛ්‍යාත ඇල්වීම ,දුක් වීම තැවීම හරහා සිදුවන අතර තවත් දුක වැඩි විමට එය හේතු වේ

03.ස්තූති වන්ත වීම
තමාගේ දෙයට ,පවතින තත්වයට හෘදයාංගමව ස්තුති වන්ත වන්න. අප අතර සිටින බොහෝ දෙනෙක්  සූර්‍ය රශ්මිය වැඩි වුවද දෝෂාරෝපණය කරති,වැස්ස වැඩි කලත් දෝෂාරෝපණය කරති.එයට ස්තුති වන්ත නොවෙති. එය නිසා නිරන්තර තැවුලෙන් වෙසෙති.

04 සොබාදහමට අහිතකර දේ මුදා හැරීම නොකිරීම
අද පවතින බොහෝ ව්‍යසන වලට හේතුව ,සොබාදහමට ආදරය නොකිරිමය.එයින් පෙරලා ඍණ ප්‍රතිශක්ති සංඛ්‍යාත සොබාදහමින් ලැබේ. මේ වසංගත තත්වයද ඍණ සංඛ්‍යාතයකි. ඒවා නිරන්තරයෙන් ඍණ ශක්තිය programme කරන ලද මනසට වසඟ වෙයි. එයින්  හානිකර බලපෑම් ඇති වී ඇත.

සාර්ථකත්වයේ  කිසියම් රහසක් වේ නම් මේවාය.මේවා විශ්ව නියමයන් ද වේ. මේවා තමන්ටම අත් විඳ ප්‍රතිඵල දුට හැකිය. අභ්‍යන්තරයෙන්ම හොඳ වූ විට  යහපත ඔබට උදා වේවි. ඉතිං මේ කොරෝනා වසංගතය පැතිරෙන්නට නොදී අපි අපේ රට දියුණු කරන්නට එකා මෙන් වෙහෙසමු. අපි සතුව ඇති විභව්‍යතා වෙන් උපරිම ඵල නෙලමු. ඔබට ජය...

01.Orange Peel Powder create under the guidance of  ebook

02.Effort to cultivate Dhal

ආකර්ශන රීති සමහරක්, ඇමෙරිකානු ලේඛක ,ඩේල් කානගී මහතාගේ ,Mind  ,People attraction හි කරුණු ඇසුරින් දක්වා ඇත.
                                                                                     
                                                                                     

උරේෂා  රවිහාරි වීරක්කොඩි  ( 2016/2017) වසර කණ්ඩායම

Comments

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||