දින නියමයක් නැතිව නිවාඩු දී තිබේ .
පළමුවන කොරෝනා වැලඳුනු ශ්‍රී ලාංකිකයා හමුවන දිනයේ මාත් මගේ මිතුරන් රැසකුත් විද්‍යාගාරයේ සිටියේ අවසන් වසර පර්යේණයේ වැඩකටයුතු සමග කාර්යබහුලවය.පාසල් වසා දැමුනු ආරංචියත් සමග අපිත් විශ්වවිද්‍යාලය වසා දමාවියැයි බලාපොරොත්තුවෙන් සිටියෙමු.පර්යේෂණ වැඩනම් අවසන්වතිබුනේ නැත. බලාපොරොත්තුවෙන් සිටි අයුරෙන්ම සති දෙකකට විශ්වවිද්‍යාලය වසා දමන බවට නිවේදනය කෙරුණ අතර අපි ගෙදර ආවෙමු.දවස ගෙවී යද්දී කොරෝනා සිය අදිසි හස්තයට රට යටත් කරගනිමින් සියලු ක්‍රියාකාරකම් අඩපණ කර දැමුවේය. රට අක්‍රියව යද්දී අප සියල්ලෝම ගෙදරට කොටවුනෙමු. දැන් දැන් මැසිවිලි ඇසෙන්නේ ගෙදර සිටීම කරදරයක්, කම්මැලිකමක් ලෙස සලකාගෙනය.
අපිට ජීවිතයේ ඉලක්ක එකක් හෝ කීපයක් තිබේ. ඒවා වෙනුවෙන් වැඩ කරන අප කුඩා කුඩා අරමුණු හදාගෙන ඒ එකින් එක ඉටු කරගෙන ඉලක්කය සපුරා ගන්නෙමු.දැන් අප සිටින්නේ ඒ කුඩා අරමුණු ඉටුකර ගතනොහැකි අවධියකය. ඉතින් අපි බලාපොරොත්තු රහිතවී සිටින්නෙමු. උදාහරණයක් ලෙස අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවක් වන මට දැන් අවශ්‍ය පර්යේෂණ නිබන්ධනය බාර දී එහි වැඩකටයුතු අවසන් කිරීමයි. එලෙසම සියලු දෙනා විවිධ බලාපොරොත්තු සහිතව සිටියද ඒවා ඉටුකර ගත නොහැකි තත්වයක් ඇතිව තිබේ. ඉතින් ගතවන කාලය අප්‍රසන්න ලෙස සිතෙන්නටද, අවට සිටින සියලු දෙනාම නොරුස්සන්නටද ,හරි හැටි නින්දක් නැතිවන්නටද හේතුව එයමය.
අපි මේ දිගු නිවාඩුව ලැබෙන්නට පෙර සතියට යමු. මටනම් ඒ වෙද්දී ඕනෑ වී තිබුනේ ලැබ් එකේ වැඩ ඉවර වූ වහාම ගෙදර දිවීමටය.මා ගෙදර යන්නේම නැත.පැය පහක් හයක් ගතකර දුම්රියෙන් යන ඒ ගමන මාසයකට දවසක් වෙන්නකි.මට විශ්වවිද්‍යාලය තුල කරන්නට ඕනෑ තරම් වැඩ තිබිණි.මොනතරම් අධ්‍යන වැඩ තිබුනද කඳු නැගීම, හවස වනතුරු මිතුරන් සමග කයියගහන්න එකතු වූ රැස්වම් ,නුවරට ගොස් හවස් වනතුරු ඇවිද මොනවා හෝ කා රෑ වී නේවාසිකාගාරයට එම ආදී දහසකුත් එකක් වැඩ මට ඒ දිනවල තිබිණි . ඒත් අම්මා උයාපිහා දෙන රස කෑමක් කා, කාමරයේ ඇඳට වී හොඳට නිදා ගන්නට ඒ සතියේ දී මට ඕනෑ වී තිබුණි. කාලයකට පෙර මිලදී ගත් පොත් කීපයක් ද කියවන්නට ඉතිරිව තිබුණි . ගෙදර වවා තිබූ විසිතුරු පැළ, සුරතල් මාලු හැදූ ටැංකියද වැඩ අතරේ මතක වුණත් ගෙදර යා නොහැකිව සිටියෙමි . අපි කාර්යබහුල වී ඉන්නා හැමවිට විවේකයක් තිබුනානම් කරන දේ ගැන හීන මවන්නෙමු. එය මටද පොදු පුරුද්දකි. අවසන නිවාඩුව ලැබිණි. නේවාසිකාගාර මේසයමත තබාගෙන සිටි විසිතුරු පැළ ටික කූඩයක බහාගෙන කවදත් කොතනත් ගෙන යන ගමන් මල්ලත් , ලැප්ටොප් එකත් කරේ එල්ලාගෙන මගට බැස්සේ නිවාඩුව සති දෙකට වඩා දිගුවේයැයි හිතුවිල්ලක් ආ නිසාය. මෙවැනිම දිගු නිවාඩු වල ආදරයෙන් හැදූ පැළ මැරී ගිය අත්දැකීම් ඇති බැවින් අපහසුවෙන් හෝ ඒ සියල්ලම ගෙන එන්නට තීරණය කලෙමි.
ඉතින් දැන් මා ගෙදර සිටිමි. සතියක් පමණ ඇති වනතුරු නිදා ගත්තෙමි. දැන් එය ඇති වී තිබේ. තාත්තා සමග කෝටු මිටියක් කපාගෙන ඇවිදින් මෑ වැල් වලට ආදාරක සිටවීම, ගේ මිදුල පිරිසිදු කිරීම, එළවළු වර්ග සිටුවීම, අම්මා සමග මල් පැළවලට සාත්තු කිරීම ආදී දහසකුත් දේ කරමි. ඒත් තවත් වෙලාව ඉතිරිය , පරණ පුරුදු මතක් කරගෙන චිත්‍ර අඳින්නටද පටන් ගත්තෙමි. හිතේ හැංගී තබූ හිතුවිලි සටහන් කරගෙන ලියන්නට පටන් ගත්තෙමි. චායාරූප සංස්කරණයට ඉගෙනගන්නද ඇරඹුයෙමි. මේ ආදී ලෙසට හිතේ තබාගෙන හිටි වැඩ ගොඩක් අරඹන්නට කොරෝනා ඉඩ දී තිබේ . අලුත් අරමුණු කීපයක් ගොඩනගා ගත් විට ජීවිතය නැවත ප්‍රකෘතිමත් වීම ඉබේටම සිදුවන්නකි. මා එය අත්දැකීමෙන් දනිමි.
මේ කාලය ඔබට ලැබුනේ රෝගයක් පාලනයට බව ඇත්තකි. අලුතෙන් බොහෝ දේ ඉගෙනීමට මේ කාලය යොදා ගැනීමට එය බාධාවක් නම් නොවේ. අන්තර්ජාලය , අපේ අම්මා තාත්තා ,පොත්පත් , ගෙවත්ත පරිසරය සතු පාඩම් බොහෝමයකි. ඉතින් අලුතෙන් අරමුණක් හදාගෙන මේ කාලය ප්‍රයෝජනයට ගන්නට ඔබට ඇරයුමක් තබමි.

විරෂ්මි කොඩිතුවක්කු
Comments
Post a Comment