කොරෝනාවේ අපේ කතා.

ගෙදර  ඉන්න  ආවෙ  සති  දෙකක්  උනාට  දැං  සති  දෙකේකෑලිත්  නෑ මුල්  දවස්  දෙකේ  මේක  මාර  වැඩක්  කියල  හිතුනට  මගෙ  යක්කු  ටික  නැති  පාළුව  දැනෙන්න    තරම්කාලයක්  ගියෙ  නෑ උදේ  දවල්  අතර  මග  වෙලාවක  නැගිටලා  කවදාවත්  නැතුව  එලකිරි  කෝප්පෙකින්  දවස  පටන්ගන්න  මට  එතනින්  එහාට  කරන  වැඩේ  කල්පනා  කරන්නමපැය  දෙකක්  විතර  යනව ඇස්  පියාගෙන  පුටුවක  ඇලවිලාඉන්නකොට  මට  හීනයක්  පේනව හැබැයි  ඔක්කොබ  බලන්නකලින්  ඇහැරුන  හීනයක් ඉතිං  අද  මම  මගේ  හීනෙ  ඔයාලහැමෝම  එක්ක  බෙදාගන්නයි  මේ  ලෑස්තිය අපි  යමු  ජස්ටින්මාමගෙ  බස්  එකටත්  වඩා  වේගෙන්  යන  රොකට්  එකකටනැගල  පොඩි  ගමනක් මේ  හඳට  නෙවෙයි මගෙ  පරනඉස්කෝලෙට.

සඳක්  බැස  ගියා  අවරගිරේ 
ඉරක්  උදා  කරලා
මටත්  ලොවක්  තිබුනා  මතකයි
මම  ඉමි  සිහි  කරලා....

මේ  මගේ  හිතේ  ඉන්න  ටොට්ටෝ  චං  ආදරේ  කරපු  මගේටොමෝව  ගැන බලන්න  බැරි  උන  නිසාතාම  දුක්  වෙනකවදත්  මගේ  ජයහෙලේ  ගැන
               

  මගේ  දෙවනි  ඉස්කෝලෙ කුඹුරක්  මැදින්  ගඟක්   ගඟටපනින  නාහට  නාහන්නෙ  නැති  කොල්ලො  රැලක්  මගේටොමෝවෙ  හිටියා අඹ  ගස්  වලට  වද  දෙන පොලවෙ  දූවිලිසුවඳ  හොඳට  අඳුනන  කෙල්ලො  රැලක්  මගේ  ටොමෝවෙහිටිය අහු  මුළු  වල  පෙම්  කතා  ගෙතුන  පුන්යා  ටීචගෙසංගීතෙන්  හැඩ  වුන  ලස්සන  කතාවක්  මේ  ටොමෝව  ඇතුලෙතිබුන ඇඟේ  ලේ  ඇටමිඳුළු  වලටම  දැනුන  කවදාවත්අමතක  වෙන්නෙ  නැති  සහෝදරකම්  මගේ  ජයහෙලේ  තිබුනකෙල්ලො  කොල්ලො  ගානක්  නැති ඇඬුනත්  හිනා  යනහිනාඋනත්  අඬන  ලෙංගතු  කමක්  මගේ  ජයහෙලේ  තිබුනා
                     

උදේට  පිනි  සුවඳ දවාලට  දූවිලි  සුවඳ  එක්ක  ජීවිතේ  සුවඳගැන  මම  ඉගෙනගත්තෙ  එතනින් අල්තිනායිට  පොප්ලර්  දෙකක්  වගේ  අපිටත්  තිබුනා  ලොකු  'පන්ටයින්  ගස්  ගොඩක් රෑ  වගේම  දවලුත්  වඩින  දුයිශේන්ල  මේ  ඉස්කෝලෙහිටියා හිතේ  දුක්  අපිට  නොදැනිම  පා  කරන්න  මේ  අයටපුදුම  හැකියාවක්  තිබුන  කියල  හිතනකොට  මට  තාම  පුදුමයි
                            

මගේ  ටොමෝවෙ  හිතවත්කම්  ගොඩයි තවමත්    වගේමඑක  විදිහටම  හිතේ  ගැඹුරටම  දැනෙන  සහෝදරකම්බොහෝමයි අදටත්  උන්  මගේ  අක්කලා  අයියලා  නංගිලාවගේම  මල්ලිලා සහෝදරයෙක්  නැති  මගේ  ජීවිතේ  පුරවන්නකරදරයක්  නම්  මේපොඩි  එකා  ඒවගෙන්බේරගන්න  උන්  තාමත්  මගේ  ලඟ එදා  වගේම
                  

ඒත් මට  මගෑරුනා මගේ  ලස්සනම  කාලෙමගේ  පුහු  මනසට  ජීවිත  හුස්ම බලාපොරොත්තුවේ  එලිය  දුන්න  මගේටොමෝව  මට  මගෑරුනා දුකයි වේදනයි ඇස්  දැනුත්තෙතයි   තමයි  මගේ  ජයහෙලේ  මට  දුන්න  මනුස්සකමආදරේ වටිනාකම ආදරනීය  ජයහෙල  ඉතිං  මේ  මගේලෝකෙ හීරීමක්වත්  වෙන්න  නොදී  මාවබලාගත්ත  මගේ  උන්අද  නැතත්  අපේ  මතක  හැමදාමත්  තියෙන  මගේටොමෝවඉතිං  හැමදාමත්  ආදරෙයි.

ඉමක්  කොනක්  නැති  අහස  වගේ
කෙලිලොල්  දිවිය  මගේ...
මලක්  පිපී  සුවඳින්  පිරුනා  සේ
මුහුනේ  සිනහ  නැගේ...
දුකක්  සිතේ  දැනුනේ  නෑ  මා  හට
අද  මට  දැනෙනු  වගේ...
තවත්  වරක්
මට  පාසල්  යන්නට  ලැබුනොත්  හරිම  අගේ...
                                                   =චාමී=

Comments

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||