වසංගතයට එරෙහිව නැගී එන ශ්‍රී ලාංකේය සංස්කෘතිය
වසංගතයට එරෙහිව නැගී එන ශ්‍රී ලාංකේය සංස්කෘතිය
ලෝක වාසී සියළු මානවයින් කළු සුදු භේදයකින් තොරව,දුප්පත් පොහොසත් භේදයකින් තොරව,ප්‍රබලයා මෙන්ම දුබලයාද එකලෙස පීඩාවට ලක්කරන සියවසේ වසංගතය නමින් කොරෝනා වෙයි.වත්මන් තොරතුරු වලට අනුකූලව දක්ෂිණධ්රැවය හැරුනුකොට අන් සියළුම මහද්වීප මෙම ව්‍යසනයට මුහුන පාමින් සිටී.ආසියානු මහද්වීපයට අයත් සංවර්ධන වෙමින් පවතින දිවයිනක් වන ශ්‍රී ලංකාවද මීට මාස කිහිපයකට පෙර මෙම වසංගතයේ ගොදුරක් විය.වසංගතය පැතිර යන අනෙකුත් බලවත් රාජ්‍යයන් සැලකීමේදී අප රටේ එයට එරෙහිව ක්‍රියාත්මක යාත්රනය ඉතා ප්‍රශංසනීය වේ.මෙම රෝගයේ ව්‍යාප්තිය මුලික වශයෙන් ගත් කල ආසාදිත රෝගී පුද්ගලයෙකුගේ කෙල බිඳිති වලින් සිදුවන අතර වෛරස අංශු මුඛය හා නාසය හරහා ඇතුල් වී ප්‍රධාන ලෙසම ශ්වසන පද්ධතිය ආසාදනය කරයි.මේ නිසා නිතර මුහුන ඇල්ලීමෙන් වැලකීම හා සාකච්ඡා වලදී එකිනෙකා අතර මනා දුරක් පවත්වා ගැනීම සිදුකල යුතුව ඇත. මේ හේතුවෙන් ලොව පුරා වසන බටහිර ජාතීන් හට හමුවීමකදී සිදුකරන අතට අත දීම වැනි ක්‍රියාවන් පිටුදැකීමට සිදුව ඇත.
මෙසේ බටහිර ලෝකය රෝග භීතියෙන් ඇලලී යද්දී බොහෝ දෙනාගේ අවධානය ශ්‍රී ලාංකේය සංස්කෘතිය දෙසට යොමු වන්නට පටන් ගන්නේ මෙම වසංගතය පැතිරවීම වැලැක්වීම සඳහා අවැසි බොහෝ දෑ එහි ගැබ් වන නිසාවෙනි.
'ආයුබෝවන්' කියමින් ආචාර කිරීම මෙසේ කරලියට ආ සුප්‍රකට සංස්කෘතිකාංගය ලෙස දැක්වීම වඩාත් යෝග්‍ය වෙයි.එදා සීහෙලේ මුතුන් මිත්තන් හමුවීම් මෙන්ම වෙන්වීම් වලදීද මිතුරාට මෙන්ම සතුරාටද සුභ පැතීමට මෙම ක්‍රමය යොදාගත් අතර අද වන විට මෙය ලොව පුරා අවධානය දිනා ඇත.මෙහිදී තමාගේ ඉදිරිපස සිටින තැනැත්තාට ආයු බොහෝ වේවා යැයි හදවතින්ම සුභ පැතීම සිදුවන අතර තම අත්ල එහිදී එක්කොට තවත් ආචාරශීලීබව ඉස්මතු කරයි.මෙහිදී එකිනෙකා අතර මනා දුරක පවත්වා ගැනීම සිදුවෙයි.එමඟින් එකිනෙකා අතර සිදුවන ශාරීරික ගැටීම් අවම කරමින් අසාදනයන් පැතිරවීම අවම කරයි.මෙම නිසා අද වන විට යුරෝපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් තම හමුවීම් වලදී ආයුබෝවන් කීම යොදා ගන්නා ආකාරය මේ දින වල සුලභ දසුනක්ව ඇත.
එසේම අප පැරැන්නන් වෛරස් රෝග ආසාදනය වීමකදී එම රෝගියා හෝ රෝගී කණ්ඩායම අකනක් නිරෝගී පුද්ගලයන්ගෙන් ඈත්ව තැබීම සිදු කර ඇත.උදාහරණයක් ලෙස පැපොල වෛරස් රෝගයක් වන අතර තවමත් රෝගි යෙක් සිටින නිවසක් නම් ඔවුන් අනෙක් අයගෙන් හුදකලාව සුව වන තුරු සිටී.තමාගේ නිවස හුදකලා කර ඇති බවත් අන් අයගේ පැමිණීම අපේක්ෂා නොකරන බවත් නිවස ඉදිරියේ ගොක්රෑන් ඇදීමෙන් ජනයාට දැනුම්දෙයි.එසේම රෝගියා ඇතුළු කණ්ඩායම දින 14ක්වත් අවමවශයෙන් හුදෙකලාවීම සුදුකරන අතර අද වන විට මෙම ක්‍රියාවලිය නිරෝධායනය ලෙස හඳුන්වනු ලබයි.
තවද , අවමඟුල් උත්සවයකට සහභාගී වී නිවසට පැමිණෙන විට කහ දියරෙන් අත් පා සේදීම සිදු කරන අතර නිවසට ඇතුළුවීම හෝ නිවැසියන් සමඟ සමීප ඇසුරට යොමුවීම සිදු නොකරයි.ඒ අදාල තැනැත්තා වහාම පිරිසිදු ජලයෙන් නා පිරිසිදු වීම සුදුකර නිවැසියන් හා එකතු වෙයි.නවීන සොයාගැනීම් වලට අනුව කහ දියර යනු මනා විශබීජ නාශක දියරයක් වන අතර අවමඟුල් නිවසේ තිබී ඇග තැවරුණු සියළු විෂබීජ විනාශ කිරීම මේ කහ දියරයෙන් සිදුකරන ලදී.එලෙසම රෙදිපිලි ආදිය සෝදා පූර්ණ විෂබීජ හරනයක් ස්නානයෙන් බලාපොරොත්තු විය.මෙමඟින් තම සමීපතමයන් ලෙඩ රෝග වලින් ඔවුන් ප්රවේසම්කර ගත්හ.
ඊට අමතරව අප සීහලුන් දිනපතා වෙනිවැල්ගැට,කොත්තමල්ලි,රණවරා,බෙලිමලි,ඉඟුරු ආදීය තම්බා පානය කිරීමට පුරුදුව සිටිය බව අප හොඳින් දනිමු.වර්තමානය වන විට මෙම පානයන් අප පුතික්ෂේප කලද ආයූර්වේදයට අනුව මේවා අපගේ ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීමට උපකාරී වන පාන වේ.මේවි පානය කිරීම මඟින් රෝග කාරකයන්ට එරෙහිව සටනට සිරුර සුදානම් කල හැකිවෙයි.
ඒ අනුව අතීතය,වර්තමානය හා අනාගතය යන තුන් කල්හි රෝගී මනස මෙන්ම රෝගි කයද සුවපත් කරනු වස් සිහල සංස්කෘතිය ඉවහල් කරගත හැකි බව මනාවට පසක් වෙයි.අද පවතින covid 19 වසංගත තත්වය මැඩපැවැත්වීමට සහය අප ලේහි ලියවී ඇත.මඟහැරුණු සීහලය නැවත ගොඩනංවා සටන දියත් කරමු එක්ව පෙරට ප්‍රෞඩ අතීතය මතින් අපි සැවොම.
ස්තූතියි.
අක්ෂරා සමරසූරිය.
ස්තූතියි.
අක්ෂරා සමරසූරිය.
Great article.
ReplyDeleteThank you lamali😍
DeleteGood one Akshara. Keep it up ❤
ReplyDeleteThank you dear😍
Delete