කොරෝනා සහ නව අවුරුදු උදාව........


         අලුත් අවුරුද්ද  උදාවෙල  පැය කිහිපයක් ගෙවුනා විතරයි. මගේ හිතේ රැඳිලා තිබ්බ ගොඩක් සිතුවිලි මේ විදිහට අකුරු කරවන්න මට හිතුනා. ඇත්තටම සිංහල හින්දු අලුත් අවුරුද්ද එනකම් හැමදාමත් අපි මඟ බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. කොවුල් නාදයත්  එක්කම අමුතුම විදිහේ අසිරියකින් මුළු  පරිසරයම පිරිල යන මේ අපුරූ බක් මාසය අපේ සිතුවිලි විතරක්ම නෙවෙයි අපේ ජිවිත පවා අලුත් කරන්නට සමත් වෙනවා. අපේම සිංහල  අවුරුදු  කැවිලි පෙවිළි වලින් කෑම මේසය සරසගන්න , නෑදෑකම් අලුත් කරගන්න, ඒ වගේම යහළු යෙහෙළියන් එක්ක ජන ක්‍රීඩාවන් වල යෙදෙන්න,  සාම්ප්‍රදායික අපේ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් අලුත් අවුරුද්ද සමරන්න්නට ඇත්තෙන්ම අපි මඟ බලාගෙන ඉන්නවා. මුලු රටේම සිංහල දමිළ අපි සියළුම දෙනාම , සුභ නැකතකින් ලිප ගිනි මොලවලා කිරි උතුරුවලා ලබාගන්නා මේ සෙත් ශාන්තිය , අපේ ජීවිත වලටද සෞභාග්‍යය උදා කරන බව ඇත්තෙන්ම නොරහසක්.ඒ වුනාට මේ වසරේ උදාවුනු අලුත් අවුරුද්ද නම්  ටිකක් වෙනස්.

වෙනදා වගේ කොවුල් නාදය මේ අවුරුද්දේනම් වැඩිපුර  ඇහෙන්නට නෑ. වෙනදට මුලු ගමම එකට එකතුවෙලා කරන ජන ක්‍රීඩා වලින් , ඒ වගේම  නෑදෑ ගමන් වලින් පොඩ්ඩක් විතර ඈත් වෙලා අපි මේ  ගෙවන්න යන්නේ  වෙනස්ම ව්දිහෙ අලුත් අවුරුද්දක් . මේ වෙනසට හේතුව ගැන  දැනටමත්  අපි සියලුම දෙනා එකසේ දැනුවත්. 

මේ ගෙවී යන්නේ මුලු ලෝකයම  කොරෝනා ,එහෙමත් නැතිනම් COVID 19 කියන භයානක  ව්‍යසනයට මුහුණ දීල තියෙන කාලයක්. වෙනදට උත්ස්වශීයෙන් සමරපු අපේම සිංහල හින්දු අලුත් අවුරුද්ද අද අපි මේ ව්දිහට නිවෙස්වලටම වෙලා හරිම පරිස්සමින් සමරනවා. රටක් විදිහට ගත්ත මේ තීරණය  මේ කාලෙට ගැලපෙන නිවැරැදිම තීරණයක් කියලා මටනම් විශ්වාසයයි.

මේ වනකොට අපි හැමෝගෙම  පරිස්සම  ගොඩක් වැදගත්. මොකද අද මේ විදිහට ගෙවිලා යන්නේ , මාරාන්තික වෛරසයක් මුලු ලෝකය පුරා රටවල්වල පැතිරිලා  මිනිස් ජීවිත ගණනාවකුත් අපෙන්  උදුර ගන්නට සමත් වෙල තියෙන හරිම කණගාටුදායක මොහොතක . ඇත්තටම  මේක භයානක තත්වයක්. ඒත් කොයි තරම් රටේ බලධාරීන් අපේම ආරක්ෂාව වෙනුවන් මේ විදිහට නොයෙකුත්  උපදෙස් ලබා දුන්නත් , නිතී පනවනු ලැබුවත් සමහරක් දෙනා මේ නිතී මාළාවන්ට අනුව වැඩ නොකරන බව නම් සැබෑවක්.

ඇත්තෙන්ම වෙනදට අපි අලුත් අවුරුදු දවසට පරණ නෑදෑකම් අලුත් කරගන්න,  කොයි තරම් නම් එකට  එකතුවෙනවාද?කාලා බීලා සතුටු වෙනවද ? නමුත් අද අපි,අපි වෙනුවෙනම වෙනස් වෙමු. හැමෝගෙම  ආරක්ෂාව වෙනුවෙන්  රටේ සෞඛ්‍යය හා ආරක්ෂක අංශය එකට එකතුවෙලා ක්‍රියාත්මක කරන මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙළට අපේ උපරිම සහය ලබාදෙමු. අපේම  පුංචි පවුලේ අය විතරක් එකට එකතුවෙලා මේ අලුත් අවුරුද්ද සමරමු. 

ඒ වගේම මේ අවුරුද්දේ සුභ මොහොතින් කරන්න ඔබටත් පොඩිම පොඩි දෙයක් මතක් කරන්නම් . ශ්‍රී ලාංකිකයන් විදිහට අපි සෞභාග්‍යයමත් කෘෂිකර්මාන්තයට නිතැතින්ම උරුමකම් කියපු උදවිය. ඉතින් මේ එළඹුනු සිංහල අවුරුද්දේ අපේම අතින් , අපේම ගෙවත්තේ  පැළයක් සිටවන්න පුළුවන්කම්ක් ඔබටත් තියේනම්  ඇත්තෙන්ම එය ලොකු දෙයක් වේවි. අපේකම මුළු  ලෝකයටම පෙන්වන්න මේක නියම අවස්ථාවක් වේවී. ඉතින් මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සියලුම දෙනා හට සතුට , සාමය කැන්දන ආයුබල පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතන ගමන් මගේ කතාව මෙතනින් අවසාන කරන්නම්..


සටහන -
හසිනි දිලිනිකා

Comments

  1. Hoda adahasak nangi.. keep it up❤🙏

    ReplyDelete
  2. Good artical.sure we should plant at least one plant in our home garden.it helps us near future for our survival.covid 19 is not A actual threat for mankind. The real threat (food scarcity) begins with the end of the Covid 19.

    ReplyDelete

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||