*_කොරෝනා_* *_කාලේ_* *_තවත්_* *_එක්_* *_ආලයක්_*


හ්ම්ම්.... තවත් එක් වෙහෙසකර දවසක අවසානයක්.ගතින් විඩාපත් වූ නමුදු සිතින් නැවුම් හැගුම් මතුවන සෙයකි.කුමක්දෝ කියා ගත නොහැකි පෙරලිකාර හැගුමක් සිත තුල මෝදු වන්නාක් මෙන් දැනෙයි. එකිනෙක ගැටෙන්නා වූ අතොරක් නොමැති හැගුම් සිය ගණනාවක් අතර මා මංමුලා වී ඇති සැටියකි. ඒ මොහොතේ ඒ බාගෙට වසා  ඇති දොර පියන්පතින් වැසුණු හුණ්ඩුවක් බදු කාමරයේ සිටියේ මා පමණි. එනිසාම දෝ ඉමක් කොනක් නොමැති සාගර දියේ යාත්‍රා කරන නැවක තනි වූ නැව් කප්පිත්තෙකුගේ හැගීමක් මට දැනෙයි.කාලය ඉබි ගමනින් ගත වන්නාක් මෙනි. කිසිදා නැවත හිරු එළිය නොදකින අදුරු පොලව තුල ගුහාවක සිර වූවෙකුගේ මෙන් කන් දෙක තුළ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ... ගාන ශබ්දය පමණි මට ඇසෙන්නේ.

      මා කුමක් කරම්ද?.... නැවතත් එකම ප්‍රශ්නය සාර්ථකව අද දවසේද දහ දොලොස් වතාවට නොව සිය දහස් වතාවට ද සිතුනි. වචන කළ නොහැකි හැගීම් වලින් මා බැද දමා ඇත.

     මා හට මිතුරු මිතුරියන් බොහෝ සිටී. මා බොහෝ සමාජශීලි , කඩිසර කෙල්ලක ලෙසිනි බොහෝ දෙනා හදුනන්නේ. මා විශ්ව විද්‍යාලය තුළ බොහෝ සමාජ සංවිධාන හා මිතුරු සංගම්වල නිතැති සාමාජිකාවකි. එනිසාම බොහෝ දෙනෙකු මා හදුනන අතර මාද ඔවුනගේ කුළුපග ඇසුරට කැමති වෙමි. අධ්‍යාපනික වැඩවලට අමතර ව මම මේව සිදු කරනුයේ සැබැවින්ම සතුටක් ලබා ගැනීමටය. මිතුරු මිතුරියන්ගේ ඇසුර ලබා ගැනීමටය. සියලු කටයුතු නිසා මම බොහෝ අවිවේකී වුවද ඇත්තෙන්ම මේවා මට සතුට ගෙනෙන කංසා හා සමානවම නව ප්‍රාණික හැගුම් ඇති කරවයි.

   බොහෝ දෙනා හමුවුව ද, කෙදිනකවත් දැක නොමැති, ' *ඔහු*  නැමැත්තාගේ මිතුරන්ගේ ඡායාරූප වලින් පමණක් දැක ඇති *ඔහු*  මා සිත සොරාගත් සෙයකි. කවදා කොතැනක කොයි වෙලේක එවන් සිතුවිල්ලක් පහල වූවාදැයි මට නිනව්වක් නැත.   දැනෙන එකම දෙය නම් මා දිවිය ඔහු සතු බවයි. දැක ඇති පරිදි *ඔහු* පිලිබඳ සිතින් මා මවා ගත් රූපකාය සිත තුල නිතර හොල්මන් කරයි.

   *ඔහු*  මා අද තේරුම් ගනීවි හෙට තේරුම් ගනීවි යැයි බොහෝ කල් බලා සිටියෙමි. නැත. ඔහු මා තේරුම් නොගත් සෙයකි. දැනුනු වේදනාව පහ කර ගැනීමට ඔහු මා  තේරුම් ගත්තද එය නොපෙන්වා සිටිනවායැයි සිතා, සිත සනසා ගත් දවස්ද රාශියකි.

    මෙවැනි අවිවේකී සිත අතරමං කරන සිතුවිලි බොහොමයක් ඇති කල දවස් එකින් එක ගෙවී ගියේය. සෑමදාම මා ගොළු වූ මුවැත්තියක මෙන් වේදනාබර හදවතක් දරා සිටියෙමි.මේ අතර හදිස්සියේම මගේ අවාසනාවකට තවත් බාධකයක් මට හරස් විය. ඔව් ,  කොරෝනා ඒ ඔබමය. ඔබම පමණය. දකින්නට පෙරුම් පුරමින් සිටි ඒ රූපකාය මගෙන් තවත් දුරස් කල කොරෝනා.. මා හා ඔහු දැන් නගර දෙකක සිර වෙලාය. කොරෝනා ඔව්, ඒ ඔබමය. ඔබම පමණය.නැවත හමුවීමේ පෙරමග බලන පැතුම් රැසක් මට දී ඔබ ආවාය. නැවත කෙදිනක කොතැනක හමු වේදෝයි නොදන්නා නමුත් බලා සිටිමි ඒ දවස එනතෙක්.. කොරෝනා දැන් ඇති. හැකි වහා ඔය නම පමණක් රන්දා ඉවත් වී යනු......

Comments

  1. Interesting Read. Composed beautifully, Felt it to the Heart.

    ReplyDelete
  2. It's really interesting Dilshani.continue writing! ❤

    ReplyDelete
    Replies
    1. Thank you soo much ovin❤️❤️ ill try my best 😍👌

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. Well done friend , keep writing

    ReplyDelete
  4. ohu🙊🙊 who is that whu😜 Btw this is nice writing. keep it up nangi❤️❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. Hehee😁😁🙈🙈 thank you soo much akki❤️❤️😍

      Delete
  5. Wow.. amazing dolz ❤❤❤ keep this up 🤩❤

    ReplyDelete
  6. Well done dil♡♡♡keep it up

    ReplyDelete
  7. WOW you've done fabulous job, keep it up dol 😘😘

    ReplyDelete
    Replies
    1. Thank you soo much darling ❤️❤️❤️😘😘

      Delete
  8. Woow darling 😍😍 Keep writing 💖

    ReplyDelete
    Replies
    1. thank you soo much darling ❤️❤️❤️❤️😘😘

      Delete
  9. wow,It's very interesting to read😍😍,keep writing...💛💛 Btw Is that a true story....😏

    ReplyDelete
    Replies
    1. thank you soo much darling ❤️❤️❤️ yeah this is based on my own experience 🙈🙈😁

      Delete
  10. Nice writing dil❤️ keep it up.

    ReplyDelete

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||