ඔබ අභියෝග හමුවේ සටන් කරන්නෙක්ද?නැතිනම් පලායන්නෙක්ද?
ඔබ අභියෝග හමුවේ සටන් කරන්නෙක්ද? නැතිනම් පලා යන්නෙක්ද?
මේ මොහොත වන විට මෙය කියවන ඔබත් මමත් තම තමන්ගේ නිවෙස් වල රැදෙමින් කාලය ගත කරයි.නිවෙසට වී දැන් ගත කරන්නේ බොහොම අසීරු කාලයක් බව අප බොහෝ දෙනා ප්‍රසිද්ධියේ හෝ තම තම සිත් තුළම හෝ ප්‍රකාශයට පත්කර ගනිමින් කල් ගෙවයි.නමුත් සිතන්න,මේ උදා වන සෑම දිනක්ම ඔබ ජීවිතයේ තවත් ජීවත් වීමට ඉතිරිව ඇති කාලයෙන් කොටසක් බව.සිතන්න මේ ගෙවෙන තත්පරය ඔබට මට නැවත උදා කරගත නොහැකි බව.එසේනම් කල යුත්තෙ උදාවන හෙට දවස මෙන්ම ගෙවන වර්තමාන තත්පරයද සතුටින්,ආදරයෙන් මෙන්ම ඵලදායි ලෙස ගත කිරීමයි.ඵලදායි බව කියූ සැනින් ඔබ සිතාවි මේ කාලය තුල ඵලදායි වීම කල නොහැකි බව.ඒ මන්ද ඔබ සිතා සිටිනවා ඵලදායිතාවය යනු කය වෙහෙසා කාර්යයක් සිදුකිරීමෙන් ලඟා කරගත යුත්තක් වග.නමුත් යථාර්ථය එය එසේ නොවේ.ඔබේ සිතුවිල්ලක් මෙහෙයවීම තුලද ඵලදායි බව ගැබ්කල හැකිය.එසේනම් මේ විවරණය කියවීම අරඹන්න සිතන සිතුවිල්ල පවා ඵලදායි කරගැනීම පිණිස.
මේ මොහොතේ ඔබ පළමුව කල යුත්තේ මෙයයි.සිතන්න මෙතෙක් ජීවිතයේ ඔබ මුහුණදුන් අභියෝග තුල ඔබ පලායන්නෙක්ද?නැතිනම් හඹායන්නෙක්ද?හඹාගොස් සටන්කරන්නෙක්ද වග.ඔබ කවර ආකාරයේ වුවත් මේ කියවීම අවසානයේ ඔබ පලායන්නෙක් නොවී හඹායන්නෙක් වේ යැයි මා බලාපොරොත්තු වෙමි.එසේනම් අරඹමු.
ඈත අතීතයේ චීනයෙහි ජීවත් වු sun tzhu නමැති රණකාමියා ඔහුගේ art of war නම් ග්රන්ථයෙහි සඳහන් කරනවා මොලොව ජීවත් වන පුද්ගලයන් කොටස් දෙකකට වෙන් කල හැකි බව.එනම් එක කොටසක් පලායන්න(flighters) ලෙසත් අනෙත් කොටස හඹායන්නන්(fighters) ලෙසත්ය.මේ වන විට ඔබ පලායන්නෙක්ද එසේත් නැතිනම් හඹාගොස් සටන්කරන්නෙක්ද යන වග ඇතැම් විට ඔබ සොයාගෙන ඇති.ඇතැමෙක් එය සොයා ගැනීමට වෙර දරනවා ඇති.එය මෙසේයි.
ඔබ පලායන්නෙක් නම් ලෙහෙසියෙන් හැමදේම අතහරින කෙනෙක් විය යුතුයි.එක් උත්සහයකින්ම ඔබ ඔබේ අවශ්‍යතාව ඉෂ්ඨ වෙනවා දැකීමට කැමති කෙනෙක් විය යුතුයි.එය එසේ නොවුන හොත් ඔබ නැවත උත්සහ කිරීම නිරර්තක බව සිතනවා විය යුතුයි.ඔබේ අරමුණ ගමන මගකදී ඔබ අත්හැරියා විය යුතුයි.එසේනම් ඔබ අයත් වන්නේ පලායන්නන්ගේ කාණ්ඩයටයි.එය එසේනම්,එනම් ඔබ පලායන්නෙක්නම් මේ වන විට ඔබ ඔබේ අරමුණ කීයක්නම් ඉවත දා ඇද්ද?සමහරවිට ඒ අරමුණු අතරින් සමහරක් ඔබ සටන් කලානම් දිනාගත හැකිව තිබුනා විය හැකිද?එක් උත්සහයකින්ම ඔබ යමක් අතහැරදමන්නේ ඇයි?හේතුව අසාර්ථක වු විට ඔබ ඔබේ මුලු ආත්මයම අසාර්ථක වුවා සේ සිතීමයි.නමුත් යථාර්ථය එසේ අසාර්ථක වුයේ ඔබ නොව ඔබගේ උත්සහය පමණයි .නමුත් ඔබ ඔබේ ඇතුලාන්තයෙන්ම නැවත වාරයක් උත්සහකිරීම වලකා දමනවා.මේ නිසා ඔබ යම් දවසක ඔබගේ ඉලක්කය වෙත ගමන් කිරීම සම්පුර්ණයෙන්ම අවහිර කරදමනවා.
ඔබ හඹා ගොස් සටන් කරන්නෙක්නම්,පළමුව ඔබ සොයා බලනවා උත්සහය අසාර්ථක වීමට හේතුව සහ එසේ වූයේ ඇයි වග.එසේම ඔවුන් එක් උත්සහයකින නොනැවතී නැවත නැවතත් උත්සහ කරනවා.එහිදී ඔවුන්ට හඳුනාගත හැකි වෙනවා ඔවුන්ගේ උපරිමය.ඒ වනාහි ඔවුන් නොසැලී උපරිමය කරා ලඟා වන්නට දරන වෑයම දිනෙන් දින ශක්තිමත් වෙමින් අවසානය ජයග්‍රහණය අත්කර ගනී.මොවුන් කිසිදිනෙක බැහැ නොකියන කන්ඩායම වෙයි.තමාගේ ඉලක්ක කිසිදිනෙක අත් නොහරින ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන කන්ඩායම වෙයි.
මේ වන විට හොඳින්ම ඔබ අදුනනවා ඇති ඔබ අයත්වන කන්ඩායම කුමක්ද යන්න.එසේනම් ඔබ ජයග්‍රහණය හඹායන සටන් කරන්නෙක්නම් අතීතයේද වර්තමානයේද අනාගතයේද ඉලක්ක ඔබ ජයගෙන,ජයගනිමින් හා ජයගන්නවා ඇතී.නමුත් ඔබ පලායන්නෙක් නම් මේ සුදුසුම කාලයයි සටන්කරන්නෙක් බවට පරිවර්තනය වීමට.ඒ සඳහා ඔබ කල යුත්තේ තමාගේ ඉලක්කය කරා ලඟා වන තුරු දරන සියළු උත්සහයන් අත්නොහැර,ශක්තිමත්ව සිදුකිරීමයි.සරලවම අවශ්‍යය වන්නේ ඔබට අත්නොහැර වැටීම් මැද ඉලක්කය දිනාගැනීම වෙනුවෙන් සටන් කිරීමට ඇති කැමැත්තයි.ඒ වනාහි ඔබ අභියෝගය ඉදිරියේ අභියොගයක් වෙයි.එමඟින් ඔබ ඔබේ ඉලක්කය කරා කෙමෙන් ලඟාවෙයි.
එසේනම් මේ ගතවන්නේ ඔබේ වටිනා කාලයයි.මේ ලැබුනා වූ කෙටි කාලය තුල ඔබට මඟහැරුණු හීන,අභියෝග හදුනගනිම්න් සුදානම්වන්න නැවුම්ව ආරම්භ වන්නට නියමිත මිනිස් ශිෂ්ඨාචාරයේ ගිගුම් නංවන්නට.එක්ව ජයගමු,පලානොයමු,හඹාගොස් ජයගම්මු.
අක්ෂරා සමරසූරිය
Nice one Akshara ♥️ Good motivation 💪🏻
ReplyDeleteThank you janani
Deleteworthy... :):):)
ReplyDeletekeep it up nanga..