නැකැත, නොනැකත, ඔබත් තවම නොනගතයේද?
"මේ අවුරුදු කාලේ හිනා වෙයන් රාලේ"
මේ වචන කිහිපය අවුරුදු කාලෙ බහුලව අහන්නට ලැබෙන ගීත ඛණ්ඩයක්. එම ගීත ඛණ්ඩය මට අලුත් ඛණ්ඩයක් නොවෙන්නෙ ,මෙහි රංගනයට ලද පුහුණුව නිර්මාතෘ ,කර්තෘගෙන්ම ලබාගන්නට සැබැවින්ම වාසනාවන්ත වූ නිසා. ලයනල් රන්වලයන්ගේ පද නාද මාලාවන් ගෙන් යුක්ත ඒ මිහිරි අවුරුදු ගීතය බොහෝ අවුරුදු උත්සව සංගීතයෙන් අලංකාර කිරීමට බෙහෙවින්ම භාවිතා කරන්නක්. කොහොම නමුත් සූර්යයා මීන රාශියෙ ඉදන් මේෂ රාශියට සම්පූර්ණ වටයක් ගමන් කර අවසන් කිරීමෙන් සිංහල හින්දු අළුත් අවුරුදු උදාව සිදු වේ.
නක්ෂත්ර ශාස්ත්‍රයට අනුව, රාශි දොලසක් පවතින බව අතීතයේ සිට පැවත එන්නක්.සාමාන්‍යයෙන් ලග්න ,රාශි ,ග්‍රහයො කියන මේ දේවල් තරුණ උදවියට හුදෙක්" බොරු මිථ්‍යා " ය. සමහර විටෙක ලග්නය ගොඩක් උදවියට මතක් වෙන්නෙ" පොරොන්දම් ගලපන්ට නොවැ ආයුබෝවන්ඩ" කොහොම නමුත් පිළිගත යුතු සත්‍යක් පවතී .එනම් අපගේ තාවකාලික නවාතැන වන පෘථිවි තලයත් පවතින්නේ ආකර්ශන විකර්ෂණ බල මතය.සෞරග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහලෝක අතර පවතින ආකර්ශන විකර්ශන බලමත භ්‍රමණ පරිහ්රමණ ඇති වීමත් දිවා රාත්‍රී ඇති වීමත් සිදු වේ. එමෙන්ම ග්‍රහලෝක වැනි භෞතික වස්තු මගින්ද පුද්ගලයන් කෙරෙහි ආකර්ශන බල ක්‍රියාත්මක වේ. නක්ෂත්ර ශාස්ත්‍රය යනු ඉතා පැරණි විද්‍යාවකි .බෞද්ධ විශ්වවිද්‍යාලයක් වූ නාලන්දාවෙහිද ආකාශ වස්තු නැරඹීමට ස්ථානයක් ,සහිත නක්ෂත්රය හැදෑරීමට අවස්ථාව ලබාදී තිබීමෙන්ද නක්ෂත්රය ඉතා ඈත අතීතයට දිවයන්නක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. යමෙක් උපදින විට අහසේ නැගෙන හිරින් පායා එන තරුරාශිය එම පුද්ගලයාගේ ලග්නය ලෙස හඳුන්වයි. එමගින් එම පුද්ගලයාගේ ලග්නයේ පවතින තාරකා රාශී රටාවට අනුකූලව සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන් ගෙන් ලැබෙන ආකර්ශන විකර්ෂණ බල මත අදාල ජන්මියාගේ ජීවිතයේ උස් පහත් වීම් අධිෂ්ඨානය ධෛර්යය සමානුපාතික ව පෙන්නුම් කරයි.මෙලෙස ජන්මියාගේ පෙර කර්ම යන්හි programme එකට අනුකූලව උපන්වේලාව තීරණය වන අතර අදාල ජන්මියාට තම ජීවිතය තුල මුහුණ දිමට සිදුවන සියල්ලන්න සංකේතාත්මක වටිනාකමක් කේන්ද්‍ර සටහනින් ලබාදේ. බුද්ධ කාලයේදී පවා උන්වහන්සේගේ උත්පත්තිය සනිටුහන් වන ,ජන්ම පත්‍රයක් තිබූ අතර ,නක්ෂත්ර කරුවන් විසින් නම් තැබූ බව ප්රකටය. ඒ අනුව සලකන කල පෙර කර්ම අනුව උපත තීරණය විමත්, එම ජීවිතයේ උස් පහත් වීම් සිදුව්න ආකාරයට ශක්ති සම්ප්‍රේෂණයෙන් උපන් වේලාව තීරණය වන බවත් එයට රූපියව වටිනාකමක් ලබාදීමට ,තරු රටාව නැග එන බවත් දැක් විය හැක.කෙසේ නමුත් ඉඳුල් කටගෑම, රන් කිරි කට ගෑම, කෙස් කැපීම ආදිය බොහොමයක් කර්තව්‍යය සිදු කරනුයේ නැකතකට හෙවත් නක්ෂත්රයට අනුවය කෙසේ නමුත් මෙය ඉන්දියානුවන් ගෙන් පැමිණි කරුණක් විනා සිංහලයෙන් පැන නැගුණු දෙයක් නොවේ.
කෙසේ නමුත් සූර්යයා රාශි චක්‍රයේ අවසාන රාශියේ සිට ආරම්භක රාශියට පැමිණිම මංගල්‍යක් ලෙස ලාංකික අපි සමරමු. ඔගස්ටස් සීසර් ගේ දින දර්ශනයට අනුව උදාවන ජනවාරි මසින් වසරක ආරම්භය සනිටුහන් වූවද සිංහල ක්‍රමයට වසරක් ඇරඹෙන්නේ බක් මාසයේය. සූර්යයාගේ මෙම රාශි ගමන අවසාන රාශියත් ආරම්භක රාශියත් අතර අන්තරා කාලය නොනගතය නම්වේ. එනම් නැකැත් නොමැති කාලයයි. මෙම කාලය තුල වැඩ අත් හරින අතර කිසිවක් සිදු නොකරයි අලුත් අවුරුදු උදවෙන් පසු ලිප් ගිනි මෙලවීම ,වැඩ ඇල්ලීම ,ආහාර අනුභවය ආදී ක්‍රියාකාරකම් වල යෙදීම සිදු කරයි.මේවා සියලුම දෙනා එකම මොහොතක සිදු කරනු ලබයි. කෙසේ නමුත් දැනට පවතින තත්වය යටතේ නැකැතකට කිරි බතක් ඉදවීම සම්බන්ධයෙන් විවාදාත්මක විචාර වල යෙදෙති. කොවිඩ් 19 හමුවේ ,බොහෝ දෙනා මෙම චාරිත්‍ර වාරිත්‍ර මදකට නතර වී ඇති නමුත් ..අවුරුද්ද ජීවිතයේ එක් සන්ධිස්ථානයක් කොටගෙන , ඉදිරියට යාමට දිරි වඩමු .අලුත් අවුරුද්දේ නවමු බලාපොරොත්තු දල්වා ගනිමු. නක්ෂත්රයේ ලියවුණු දෛවය කර්ම ශක්තියට යහපත් ලෙසින් අභියෝග කරමු. මිළග අවුරුද්ද අතේ දුරින් තිබුණු නෑකම හදවතේ ළඟින්ම තබාගෙන සමරමු. කොවිඩ් නිසා නැකතක් නැති නොනගතයක් ගත කිරීමෙන් වැලකෙමු .උදාවන අප්‍රේල් දහ නව වන දිනයේ පැලයක් රෝපණය කොට සොබාදහමට ණය නැති අයෙකු වෙමු. ලක්මව දළුලන්න ශක්තියෙන් දිරි වඩමු.
ඔබට ජය
සටහන: උරේෂා රවිහාරි වීරක්කොඩි
2016/2017 වසර කණ්ඩායම

Thank u for letting us know about History of astrology. It is beneficial artical for sure those who have misconseptions regarding astrology.
ReplyDeleteThank you Ovin ,that sounds great to hear an appreciation from you❤️🙏
DeleteWow..great one ❤❤
ReplyDeleteThank you Supu❤️🙏
Delete