නමක් නැති මලක්.. මේක පරණ කතාවක්
මේ දවස් ටිකේ විවේකයෙන් හිටපු නිසා මගේ ලැප්ටොප් පරිගණකයේ තියෙන අවුරුදු 4කට වැඩි පරණ චායාරූප ටික පිළිවෙලකට හදන්න ඕන කියල හිතුවා.මහඉලුප්පල්ලම ගිහින් ඉවර වෙලා පේරාදෙණියට ආවට පස්සෙ දැකපු පළවෙනිම මල් සමයෙ ගත්ත පින්තූර පිරිච්ච ෆෝල්ඩර් එකක් ඒ චායාරූප ගොන්නෙ තිබුණා. මේ අවුරුද්දෙ මල් වාරයත් කොරෝනා වසංගතය උදුර ගත්නෙ. ඒ එක්කම මට මතක්වුණේ පසු කාලෙක ව්භව සඟරාවට ලියපු කතාවක්. ඒක ලියන්න හේතුව උනෙත් අවුරුද්දෙ කාලෙකට කැම්පස් එක කහපාටින් පුරවන ඒ ලස්සන මල් වාරයම තමයි. මෙතනින් පස්සෙ මම ලියන්නෙ ඒ කතාවයි.
"ඩොක්ටර් තාරක වීරසිංහ හම්බවෙන්න පුළුවන් ද? " බොහෝම සිහින් නමුත් පැහැදිලි කටහඬකින් මගේ නම කියවෙනවා ඇහුනෙ සායනයෙ දොර ලඟින්මයි.මට කෙලින්ම ඉස්සරහ බිත්තියේ තිබුන ඔරලෝසුවෙ වෙලාව හතරට කිට්ටුවෙලා තිබුණා. සමාන්‍යයෙන් මගේ සායනයට මේ වගේ වෙලාවට රෝගීන් යොමුකරන්නෙ නෑ. හෙදියක් යමක් කියන හඬත් දොරට තට්ටු කරන හඬත් එක්ම වෙලාවක ඇහුනා.
"ඇතුළට එන්න" මම පිළිතුරු දුන්නෙ දොර දිහා බලාගෙන. පළමුවෙන්ම මගේ ඇස් නැවතුනේ තද තැඹිලි , කහ එකට මිශ්‍ර වෙලා තිබුන ඇගේ සාරිය ලඟ. එතැන උන්නෙ ඈ, හරියටම කිව්වොත් අදින් වසර හයකට විතර පෙර දී දුටුව ඇය, විශ්වවිද්‍යාලයේ උන්නු කාලයේ හුරුපුරුදු හිනාව එක්ක දොර ළඟ රැඳිල හිටියා.
" ආහ්; නංගි එන්න, ඉඳගන්න." මඳ හිනාව මුවග රඳවාගෙන ඇය ඉඳගත්තා.මගේ ඇස් යොමුවුණේ ඇයට පිටුපසට වෙන්න තියෙන ජනේලය අසල තියෙන ගහට. ඒ මල් ගහ මට මතක් කළේ පේරාදෙණියට වසන්තය අරන් එන කහමල් පිපෙන වැල් ගොන්න. සනාතන මන්දිරයට පහළ පොඩි අඩිපාරෙ ඇයත් මමත් පළමුවෙන්ම මුණ ගැහෙන්නෙ පරිසර සංරක්ෂණ සංගමයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අවසානයේ දී.
" දොස්තර මහත්තයා තාමත් ඉස්සර වගේමයි. තප්පරයක් තිබුණොත් හිතින් දුර ගමන් යන්වා නේද ? " ඇගේ හඬ මාව ආයෙම අදට අරගෙන ආවා.
" ඉතින් දැන් මොනවද කරන්නෙ? "
" ලෙක්චරර්, රුහුණේ"
" දැන් බැඳල එහෙමත් ඇති නේද? "
" ම්හ් නෑනෙ .. තාරක් අයියා බැන්ඳා කියලා නම් ආරංචි වුණා."
මට දිග හුස්මක් හෙලුණා. ඇය ආයෙම හිනා වුණා.පුරුදු හිනාවේ වෙනසක් නෑ.
" අසන්ති අක්කාව අයියට හොඳට ගැලපෙනවා. " ඇය මගේ මුදුව දාපු සුරත දිහා බලාගෙඅන කියනවා. " අයියා සමාජ රෝග නිවාරණ අංශයේ ප්‍රධානියා වෙලා කියල දැන ගත්තෙ මෑතකදි . කොළඹ ආපු වෙලාවක මුණගැහිලා යන්න එන්න ඕන කියල හිතාගෙන හිටියෙ ." ඇය බොහෝම නිවී සැනසිල්ලේ කතා කරා.
මීට කාලෙකට කලින් අපි විශ්වවිද්‍යාලයේ උන් සමයේ ඇය තලෙළු, කෙට්ටු ,දිග කොණ්ඩෙ තනි කරලකට ගොතන බොහෝම සමාජශීලී තරුණියක්.මටවඩා වසරක් කණිෂ්ඨ ඈ එකල විශ්වවිද්‍යාලයේ බොහෝම ජනප්‍රිය චරිතයක් . බොහෝම සන්සුන්ව කතා කරන, පරිසර සංරක්ෂණයට විවිධාකාර අධ්‍යාපන සත්කාර වැඩසටහන් වලට මුල් වූ ඈ අධ්‍යාපන කටයුතු අතිනුත් මුල් තැනක වූ බව එකල ප්‍රකට වූ කරුණකි. මගේ මතකය අනුව ඇගේ උපාධිය සම්බන්ධ වී තිබුණේත් පරිසරය හා සමාජ සංවර්ධනයට සමගාමී විෂයන් වලට ය. ඉතින් අපි ළඟම මිතුරන් වූයෙමු. බොහෝ සමීප වී සිටියෙමු.
" අයියේ මට අපේ රටේ බහුලම සමාජ රෝග ගැන විස්තරයක් දැන ගන්න ඕනි. ඒවට කරන පරීක්ෂණ , ප්‍රතිකාර ක්‍රම එහෙම මොනවද ? "
මමත් මගේ ළඟ තියෙන පත්‍රිකා කිහිපයකුත් ඇයට දීලා මම කෙටි විස්තරයක් කළා සාමාන්‍ය කෙනෙකුට දැනගන්නට නොලැබෙන කරුණු බොහෝමයක් මම ඇයට කිව්වා. ඇය අළුත් සමාජ සේවා ව්‍යාපෘතියක් පටන් අරන් වෙන්න ඇති, මම හිතුවා.
බොහෝම කෙටි කාලයකදි ඇගෙත් මගෙත් මිතුරු කම බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. පීඨය ඇතුලෙවත්, නේවාසිකාගාරයේදිවත්, මට යාළුවොන්ගෙන් එල්ල වුණ ඇය සම්බන්ධ ආදරණීය විහිළුවල අඩුවක් තිබුණෙ නැහැ. සත්තකින්ම මම ඇයට බොහෝම කැමැත්තකින් හිටියා. මම ඇයට ආදරේ කරා.
" අයියෙ මං කැමති නෑ සම්බන්ධයක් පටන් ගන්න. මම ආදරේ කරන හැම දේම තරමටම මම අයියට ආදරෙයි. ඒත් මට බෑ ගෙදරින් මට ගෙනැල්ලා තියෙන යෝජනාවට විරුද්ධ වෙන්න.එයාල මට ඒක කලින්ම කිව්වා. මට ඔයාවත් අමාරුවේ දාන්න බැහැ." ඇය අවසන් උත්තරේ දුන්නා.
" අයියෝ අහිංසක කෙල්ල.ඔය කියන විදියට ඔය මනුස්සය මේ ළමයට වඩා සෑහෙන්න වැඩිමල් වෙන්න ඇති. ඔය මිනිස්සු රටින් රටට ඇවිදිනවා. හැසිරීම් ගැන කාටද බං සහතික වෙන්න පුළුවන්."
" මොන මොන ලෙඩ මේ කෙල්ලට හදාගන්න වේවිද දන්නෙ නැහැ."
අපේ කාමරේ යාළුවෝ ඒ ගැන නොනවත්වා කියවද්දි මම නිශබ්දව ඔහේ බලාගෙන හිටියා.
ඒ වසර අගදි සායනික පුහුණුව එක්ක මට තිබුන නිදහස අඩුවුණා. ඇයව මුණගැහෙන එක අඩුවෙලා ගියා. වසර කිහිපයකට පස්සෙ මම විශ්වවිද්‍යාලයෙන් පිටවෙනතුරුම ඇයව මුණ ගැහුනෙ නෑ.
මම කාර්යාල සේවකයෙක්ට තේ දෙකක් ගේන්න කිව්වා.තේ බොන අතරෙත් අපි කතා කළා.
" ඉතින් ළඟදි බඳිනවද ?" මම ඇහුවා. උත්තරය උනේ හිස සෙලවීමක්, ඇගේ දොඩමළු බව දැන් අඩුයි.
" දුනීශ් වැඩ කරන නැව කොළඹට එනවා ළඟදි , ඉන්පස්සේ රෙජිස්ට්‍රේෂන් එක කරනවා. මාසෙකින් වගේ වෙඩින් එක ගන්නවා". ඇය මූණ බිමට බර කරගෙන කිව්වා. තේ එක කලබලයෙන් වගේ බොන්න ගත්තා.දැන් ඇගේ කොණ්ඩය ඒ කාලයේ තරම් දිග නෑ. ඇස් යට තිබුණු අඳුරු රවුම්, ඒ ප්‍රසන්න තලෙළු මූණෙ කැපිල පෙනුණා.ඇය වැඩ වලට හුඟක් මහන්සි වෙනවා ඇති. වැඩක් බාර දුන්නම ඒ දේට වෙන කැපවීම මට මතක් වුණා.
අපි අතර ඇතිවුණේ දිග නිහඬියාවක්.
ඇය හදිස්සියේම යමක් මතක් වුණා වගේ අත්බෑගය ඇරියා. පිටතට ගත්තේ සුදු ලියුම් කවරයක්. " වෙඩින් එකට ආරාධනාවක් නේද ?" මම ඇහුවෙ හිනාවකින්මයි. ඒත් ඒ මුහුණෙ හිනාවක් තිබුනෙ නැහැ. හිස් බැල්මක් විතරයි තිබුණෙ.
" මේක ගිය සතියෙ දුනීශ්ට ආපු ලියුම් එක්ක තිබුණෙ. එයාගෙ අම්මා ඉන්දියාවෙ ගිහින් නිසා දැන් කාලයක් තිස්සෙ එයාගෙ ලියුම් එන්නෙ මගේ ක්වාර්ටස් එකට". ඇය ලියුම් කවරය ඇරලා මේසය උඩින් තියපුදේ මාව කම්පනය කළා. තද නිල්පාට ඒ කාර්ඩ් එක HIV වලට කරන පළමු පරීක්ෂණයෙ ප්‍රතිඵල ධන වුණාට පස්සෙ රෝගය ආසාදිත බවට සැක පුද්ගලයන් රෝහලට ගෙන්වගන්න සායන වලින් ගෙදරට යවනවා. රෝහලට එන්න කියන සටහනත් එක්ක.
"මේක දුනීශ් ගෙ නමටද තිබුණෙ ?" මගේ ප්‍රශ්නයට ඔව් කියන්න ඇය ඔළුව වැනුවා.
" එයාව මැරි කරන්න එපා නංගි. මේ පරීක්ෂණය ධන කියන්නෙ එයාට HIV ආසාධනය වෙලා තියෙන්න පුළුවන් සම්භාවිතය 90% ටත් වැඩියි කියලා".
මට ඇගේ නිහැඬියාව අතරින් අතීත දවස්, යාළුවෝ කියපු කතා නොනැවතී මතක් වෙන්න ගත්තා.
" මම එයාව බඳිනවා අයියේ"
" තමුසෙට පිස්සුද?" මම නැගිටපු වේගයට ඉඳගෙන හිටපු පුටුව පෙරළුනා.ඇය ගැස්සෙනවා මට පෙණුනා.
" රජයෙන් කෝටි ගනන් වියදම් කරගෙන රෑ දවල් නොබලා මහන්සි වෙවී මේ ලෙඩ් පැතිරෙන එක වළක්වන්න හදනවා.තමුන් වගේ උගත් ගෑණුන්ටත් තමන් ගෙ හැඟීම් පාලනය කරගන්න බැරිද?. තව මිනිස්සු ඉන්නෙ ඕන තරම්, ඌ නැතුවට. වෙන එකෙක් බැඳ ගන්නවා". මට මගේ ශබ්දයේවත් කෝපයේවත් පාලනයක් තිබුනේ නැහැ.
ඇය උකුල උඩ තිබුණ අත් බෑගය බිමින් තියල පුටුවෙන් නැගිට්ටා. ඇස් අගිස්සෙන් පිටතට පනින්න හදන කඳුළු හංගගන්න වගේ අහක බලා ගත්තා. " ඒ කතා කළේ මට දවසක් හරි ආදරය කරපු , මං ගැන හුඟ දෙනෙක්ට වඩා දැනගෙන හිටපු තාරක අයියා නෙවෙයි. සමාජ් රෝග මර්ධන අංශයේ ඩිරෙක්ටර් තාරක වීරසිංහ නේද?" ඉස්සර ඉඳන් මම මොනතරම් මේ පරිසරයට, සත්තුන්ට, මිනිස්සුන්ට ආදරේ කළාද? ඒ ආදරේ තවමත් එහෙමමයි". වචන බිඳි බිඳී ඇය කිව්වා .
" ඒකෙයි මේ සිද්ධියෙයි ඇති සම්බන්ධේ මොකද්ද ?" ශබ්දය අඩු වුනත් රළු හඬකින් මම කිව්වා.
" දුනීශ් තවම නිරෝගී පෙනුමයි. තව හුඟ කාලෙකට එයා එහෙමම ඉඳීවි. මම එයාව නොබැන්දොත් ආයෙම නැවේ වැඩට යාවි. ආයෙ කී දෙනෙක්ට මේ ලෙඩේ පැතිරේවිද ? කවුද එයාව නවත්වන්නෙ. මම එයාව බඳින්නෙ මගේ කැමැත්තෙන්මයි. මං ජොබ් එකෙන් අයින් වෙලා දුනීශ්ව බඳිනවා. බැඳලා කොහේ හරි රටකට යනවා. එයාට නොදැනෙන්න අනික් අයගෙන් ඈත් කරල තියාගන්න පුළුවන් වේවි. මට පුළුවන් එතකොට එක්කෙනෙක් හරි ඒ කරදරයෙන් ගලව ගන්න. මං මේ ලෝකෙට ආදරෙයි.ඔයාව නැතිවුණා වගේ මට බෑ මං කැමති හැම දේම නැති කරගන්න ".
අඩි කීපයක පරතරයක් , හුස්මත් ඇහෙන දුරින් ඇයත් මමත් නතරවෙලා උන්නත් ගවු ගණනක ඈතක අතරමං වුණු හැඟීමක් මට දැණුනා.මොහොතකට කාලය නැවතුණා.මට කතා කරන්න තවදුරටත් වචන ඉතුරුවෙලා තිබුණෙ නැහැ. ඇය යන්න ගියා. ඒ අර නිල්පාට කාඩ් එක මගේ මේසය උඩ තියෙද්දිමයි.ජනෙල් දොරවල් හයියෙන් වැහෙන තරමට ආපු හුළඟකට අර නමක් නොදන්න ගහේ පිරිල තිබුණ මල් එකක් නෑර බිමට වැටුණා.
නිමි.
විරෂ්මි කොඩිතුවක්කු

👌👌👌👌
ReplyDelete😍😍
DeleteIt's interesting. Keep it up good luck
ReplyDeleteThank you 😍
DeleteThat story....
ReplyDeleteI was lucky enough to read the first draft of the story .. :):):)
Keep it up buddy..
Thank u 😍
ReplyDelete