ඔබේ ආදරණීයන් ගැන මොහොතක් සිතන්න.....
සාමාන්‍යයෙන් ඔබ උදේ 6ට නිවසෙන් පිටවී නැවත සවස 6ට නිවසට එන කාර්යබහුල දිවිපෙවෙතක් ගතකල කෙනෙක් වෙන්න පුලුවන්. නැත්නම් නිවසෙහි රැදී නොසිටි කෙනෙක් වෙන්න පුලුවන් . නමුත් දැන් කොරෝනා වයිරසයේ ව්‍යාපෘතියත් සමග ඔබට තම නිවසට වී පැය 24ම සිටින්නට සිදු වී තිබෙනවා. එය ඇත්තටම එසේ නිවසටම වී නොසිටි කාර්යබහුල දිවිපෙවෙතක් ගතකල කෙනෙකුට කරන්න ටිකක් අමාරු වැඩක් නේද ?
ටිකක් හිතන්න ! ඇත්තටම ඔබ ඔබගෙ රැකියාව නිසා හෝ ඉගෙනුම නිසා ඔබගෙ ආදරණීයන් කොතරම් මගහරවාගෙන තියෙනවාද ? සාමාන්‍ය දිවිපෙවෙතක් ගතකරන ඔබට මට අපි හැමෝටම ඒක පොදු දෙයක් . කුමන තරාතිරමක උවත් ඒ කාර්යබහුලත්වය හැමෝටම පොදු දෙයක් . ඉතින් අපි හැමෝටම ඒ රටාවෙන් මිදෙන්නට පොඩි කාලයක් ලැබිලා තියෙනවා. ඔබට මට අපි හැමෝටම තම නිවස සුරක්ෂිතම ස්ථානය කරගෙන කටයුතු කරන්න සිදු වෙලා තියෙනවා. තම නිවසෙහි සුරක්ෂිතභාවය වගේම සතුට සෙනෙහස පිරුණ ස්ථානයක් කරගැනීම ඔබ සතුයි. ඔබේ එක වචනයකට එක හිනාවකට එක හැසිරීමකට ඒ දෙය කරන්න පුලුවන්. ඔබේ පව්ලේ අය සමඟ කෝපගැනීම් රණ්ඩු සරුවල් වීම් අඩු කරන්න. ඔබගෙ හැසිරීමෙන් පව්ලේ සියලු දෙනාටම සුරැකිම ස්ථානය ඉන්න හිටින්න එපාවෙන තැනක් කරගන්න එපා.
සාමාන්‍යයෙන් ගෘහණියන් එහෙමත් නැත්නම් අම්මාවරුන් ගොඩක් වෙලාවට 365 දවසම නිවසෙහි ගතකරන්නන් වෙන්න පුලුවන්. ටිකක් හිතන්න එයාලා හැමදාම හුදෙකලාව නිවසෙහි කාර්යන් කරමින් නිවැසියන්ගෙ කාර්යන් කරමින් තම දිවිපෙවෙත කොහොම ගතකරනවා ඇතිද කියලා! ඉතින් ඇය මේ දෙයට කොහොමත් හුරුවෙලා තියෙනවා. ඔබට මට අඅපිට පුලුවන් ඇයගේ සාමාන්‍ය දිවිපෙවෙත ලස්සන කරලා දෙන්න මේ කාලයේදීවත්. මොකද අපි නිවසෙන් පිටවි සිටින සෑම විටම ඇය සිටින්නේ අපි ගැන හිතමින් අපි ගැන කරදරෙන් නැවත අපි නිවසට එන තෙක්ම.
සාමාන්‍ය ජීවන රටාවෙදී අපි හුරුවෙලා තියෙන්නේ ජංගම දුරකථනයට සහ පරිඝණකයට. එහෙමත් නැත්නම් ගේම් ගහන්න. අද තරුණ සමාජය කාලය ගෙවාදැමීමට තොරගන්නේ එවැනි තාක්ෂණික මාධ්‍ය විතරයි . ඉතින් මේ කාලයේදීවත් ටිකකට එවගෙන් ඈත්වෙලා තම ආදරණීයන් වෙනුවෙන් වෙලාව වෙන්කර ගැනීම ඔබ සතු යුතුකමක් .
ඒ වගේම ඔබට පුලුවන් මේ කාලය තුල හොඳ පුරුදු ටිකක් ජීවිතයට එකතු කරගන්න. දැන් ඉතින් නිවසෙන් පිටවෙන්න නොහැකි නිසා ඔබට පුලුවන් ඔබගෙ එදිනෙදා කාර්යන් ඔබේ ආදරණීයන් සමඟ එකතුවෙලා නිවසට වී සිදු කරන්න . පව්ලේ සියලු දෙනාට එකතුව ව්‍යායාම කරන්න, කෑම හදන්න, ගෙවත්ත ලස්සන කරන්න ,නිවස පිරිසිදු කරන්න වගෙ පොඩි පොඩි වැඩ කරන්න පුලුවන් . පව්ලේ සමගිය සතුට සෙනෙහස වඩිකරගන්න මේක හොද අවස්ථාවක් කරගන්න. මොකද ඕනෑම ලෙඩක් පරදා ජයගන්නනම් ශාරීරික යෝග්‍යතාව පිරිසිදුකම මෙන්ම මානසික සුරක්ෂිතභාවයත් ඉතා වැදගත්. ඉතින් ඔබේ ආදරණීයන්ගේ මානසික සුරක්ෂිතභාවය රැකගැනීම ඔබ සතු යුතුකමක්.
සමහරවිට ඔබේ පව්ලේ කෙනෙක් මේ වෙද්දී කැපවීමෙන් කුමන හෝ සේවයක නියුතු වන්නෙකු වෙන්න පුලුවන්. ඉතින් ඔඔවුන්ට අවශ්‍ය සහයෝගය හා මානසික සහනය ඔබ පව්ලේ කෙනෙකු ලෙස හැකි සෑම විටම ලබාදෙන්න. ඔව්න්ට ඇහුම්කන් දෙන්න ඔවුන් ගැන හොයල බලන්න . ඔවුන්ට ශක්තියක් වෙන්න.
නිවසෙහි වයසක අය ,රෝගී අය ,කුඩා ලමුන් ,ගැබිනි මව්වරුන් සිටී නම් ඔවුන්ට ඔබේ අවධානය වැඩිපුර ලබාදෙන්න. ඔවුන්ට හැකි උපරිමයෙන් උදවු කරන්න. ඒ වගේම ඔබේ පව්ලේ අයගේ විශේෂ දක්ශතා ඇති සමහරවිට ඔබ දන්නෙවත් නැතිවෙන්න පුලුවන්. ඉතින් මෙම කාලය ඔබේ ආදරණීයන් සමඟ සතුටු සාමිචියේ යෙදෙමින් ඒ දේවලුත් දැනගන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, තව කෙනෙක්ට උදවු කරන්න. මේ කාලය ඔබේ ආදරණීයන්ගේ ශාරීරික මෙන්ම මානසික සුරක්ෂිතභාවය රැකගැන්න ඔබට හැකි උපරිමයෙන් කටයුතු කරන්න.
තව දෙයක් ! ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව පිලිබඳව හැමවිටම සිතා බලා කටයුතු කරන්න. මොකද කොරෝනා වයිරසය ඔබේ ආදරණීයන් ලගට රැගෙන යන්නේ ඔබමයි. නිවසෙන් පිටවෙන්නට පෙර ශරීරය මුලුමනින්ම වැහෙන පරිදි ඇදුමින් සැරසෙන්න, අත් වැසුම් ,මුඛ වැසුම් පලදින්න. ආරක්ෂක ක්‍රියමාර්ග පිලිපදින්න. නිවසට නැවත ඇතුළු ව්න්නට පෙර හොදින් පිරිසිදු වී ඇතුළු වෙන්න. මොකද ඔබේ ආදරණීයන්ගේ ජීවිතය රැදී තිබෙන්නේ ඔබේ අතේ. වගකීමෙන් කටයුතු කරන පුරවැසියකු වෙන්න.කොරෝනා වයිරසය පරදවා ඔබේ ආදරණීයන් රැකගැනීම ඔබේ වගකීමක් ලෙස සලකා කටයුතු කරන්න
Article by Nadeesha Weerathunga
Good job..keep it up.
ReplyDeleteThank you for the artical.It realise me how hard my අම්මා spend her day inside the four walls for 365 days.as well as it makes me think that I should be close to them more than now.
ReplyDelete