වසංගත සහ ඇමරිකානු ඉතිහාසය
කොරෝනා මාසය තුල දෙවන වරටත් ඉතිහාසය නැවත නැවතත් සිදු වෙයි යන සුප්‍රකට වදන ප්රත්යක්ෂ විය. කොවිත් 19 ආසාදිත පහළොස් හැවිරිදි ඇමසෝනියානුවෙකු හමු වීමත් සමග මානව විද්‍යාඥයන් පවසන්නේ මෙම රෝගය පැතිරුනහොත් ඇමසෝනියානු ගෝත්‍ර මෙලොවින් සමු ගනු ඇති බවයි. බාහිර ලෝකයට ඉතාම අඩුවෙන් නිරාවරනය වන මෙම ගෝත්‍රික ජනතාවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙවැනි නව වසංගත වලට එරෙහිව සැකසී නැත. එහෙයින් ඔවුන් අතර කොරෝනාව පැතිරුනහොත් විය හැකි විනාශය අති මහත්ය.
ඒ පහළොස් වන සියවස අග භාගයයි. ලෝකයේ මෙතෙක් සොයා නොගත් ඉම් වල සිටින මිලේච්ඡයින් ශිෂ්ටාචාරගත කිරීමේ උතුම් වූ අරමුණ පෙරදැරි කරගෙන යුරෝපා ජාතීන් තරගයට මෙන් දේශ ගවේෂණයේ යෙදී සිටි සමයයි. එවකට යුරෝපයේ ප්‍රබලයන් වූ ස්පාඤ්ඤය සහ පෘතුගාලය ඉංදියාවට සේන්දු වීමේ තරගයෙහි නිරතව සිටි සමයයි. සියලුම ගවේෂකයන් පාහේ නැගෙනහිරට යාත්‍රා කර අප්‍රිකානු මහද්වීපය වටා ගොස් පෙරදිගට ගමන් කිරීමට සැලසුම් කරන අතර ඉතාලි ජාතික නාහෙට නාහන පුද්ගලයෙක් වෙනස් විදිහකට සිතුවේය. එකල පුනරුදය හරහා යුරෝපය පුරා පැතිර යමින් තිබුණු පෙරලි කාර අදහසක් වූ ලෝකය ගෝලාකාර බව තරයේ ඇදහූයෙක් විය. ඔහු කල්පනා කලේ නොනවත්වාම බටහිරට යාත්‍රා කලහොත් ලෝකය වටා ගොස් පෙරදිගට යා හැකි බවයි. කෙසේ හෝ ස්පාඤ්ඤයේ ෆර්ඩිනන්ඩ් රජු සහ ඉසබෙලා රැජිණ තම මතයට එකග කරගත් මේ සූර යාත්‍රිකයා 1492දී ලෝක ඉතිහාසය වෙනස් කර නාවික ගමනකට මුල පිරුවේය. හේ අන් කිසිවකුත් නොව ලෝ ප්‍රකට යාත්‍රික ක්‍රිස්ටෝපර් කොලොම්බස්ය.
දින 36ක වෙහෙසකර ගමනකින් පසු 1492 ඔක්තෝබර් 12 දින කොලොබස් ඇතුළු නෟවු කන්ඩායම ගොඩබිමකට සෙන්දු විය. ඒ ඉංදියාවයැයි තරයේ ඇදහූ කොලොම්බහ් ස්වදේශිකයින්ව ඉන්දියානුවන් ලෙස හැදින්වූයේය.
නමුත් ඔහු නිවැරදි නොවීය. කොලොම්බස් ගොඩ බැස තිබුනේ ඇමරිකානු මහද්වීපයේ බටහිර ඉන්දීය දූපත් වලටය. ඒ අනුව ඔහු ක්‍රි. ව. දහවන සියවසේ පැමිණි වයිකිං යාත්‍රිකයින්ට පසු ඇමරිකානු මහද්වීපයට පා තැබූ පළමු යුරෝපියානුවා විය.
කොලොම්බස් ඇතුලු යුරෝපීයයන්ව ස්වදේශිකයින් සාදරයෙන් පිළිගත්හ. තමා ගොඩබට දිවයින හිස්පැනියෝලාව ලෙස නම් කොට කුඩා ජනපදයක් පිහිටවූ කොලොම්බස් ආපසු ස්පාඤ්ඤය බලා ගියේ තම ජයග්‍රහනය වාර්තා කිරීමටත් අමතර පිරිස් රැගෙන ඒමටත්ය. ඒ වන විට එම දිවයින ස්වදේශිකයින් අසූ දහසත් මිලියන අටත් අතර ජනගහනයක් සිටි අතිශය සමෘද්ධිමත් දේශයක් විය.
කොලොම්බස්ගේ විස්මිත විස්කමින් පිනාගිය ෆර්ඩිනන්ඩ් රජු කොලොම්බස්ට නාවිකයන් සහ නැවු ලබා දුන්නෙන් හේ තවත් දෙවතාවක් තමා සොයා ගත් නව ලොව ගවේෂණයේ යෙදුනේය. කොලොම්බස්ගේ ගමන ස්පාඤ්ඤයට ඉටු දෙවියන්ගේ පැමිනීමක් විය. කොලොම්බස් පිටුපසින් කොටෙස්, පිසාරෝ, වෙස්පුචී ආදි දේශාටකයින් නව ලොවට පා තැබූහ. ගිනි අවියේ බලයෙන් ඇස්ටෙක් මායා ඉංකා ආදීවූ මහා ශිෂ්ටාචාර පොලොවට සමතලා කරමින් රත්තරං මුතු මැණික් යුරෝපයට පොදි බැඳි ඔව්හූ ස්වදේශික ජනතාව වංචාවෙන් හා අවි බලයෙන් සමූල ඝාතනය කළහ. තවත් සියවස් දෙකකට පමන පසු ස්පාඤ්ඤයින්ට එකතු වූ බ්‍රිතාන්‍ය සහ ප්රංශයද උතුරු ඇමරිකාව පුරාම තරගයට මෙන් වැට කඩුලු ගසා ගනිමින් ජනපද පිහිටවූයේ ස්වදේශිකයින්ගේ හඳබිම් ඔවුන්ට අහිමි කරවමිනි. යුරෝපීයයන් ඇමරිකාවේදී කළ නොපනත්කම් කම් කෲරකම් පිළිබඳ ලියන්නට තවත් බොහෝ දෑ ඇතත් මාතෘකාව මත පිහිටමින් එය මෙතෙකින් නවතමි.
යුරෝපීයයන් ඇමරිකානුවන්ගේ සාරය උරා බොමින් ගත හැකි සියල්ල කොල්ල කා ගත්තත් ඔවුන් ඇමරිකානු ස්වදේශිකයින් වෙත පුද දුන් දෙයක්ද විය. එනම් සියවස් ගණනාවක් පුරා යුරෝපයට වද දෙමින් පැතිර ගිය වසංගත සමුදායයි. කෙසේ හෝ වේවා වසර දහස් ගණනාවක් පුරා සෙසු ලෝකයෙන් හුදෙකලාව සිටි ඇමරිකානුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙවන් ව්‍යසනයකට කෙසේවත් සූදානම් නොවීය. ඉන්පසු සිදුවූයේ මහත් ඛේදවාචකයකි. වසූරිය පෙරටුවෙහි තබාගෙන පැපොල, සරම්ප, කොරලාව, කහ උණ ආදී වූ අතොරක් නැති නව රෝග විශේෂයන්ට ගොඳුරුවූ ස්වදේශිකයෝ ලක්ෂ සංඛ්‍යාත ගණනින් මිය යන්නට විය. ජනපද පිහිටවූ යුරෝපීයයන්ටද මෙම වසංගත බලපෑ නමුදු ඔවුගේ ප්‍රතිශක්තිය සාපේක්ෂව ඉතා හොඳ වූයේ එයින්ම හානිය අවම විය.
යුරෝපීයයන්ගේ ගිනි අවි දියුනු යුදෝපායයන් හා අශ්වයින්ට අමතරව වසූරියද ඇස්ටෙක් මායා ආදි මහා ශිෂ්ඨාචාරය බිඳ වැටීම කෙරෙහි එක් හේතුවක් විය. විනාශය කොතෙක්ද යත් පෙර සදහන් කළ අසූ දහසකට අධික ජනගහනයක් සිටි හිස්පැනියෝලාවේ ස්වදේශික ජනගහනය 1548 වන විට ආසන්න වශයෙන් පන්සියයකි. 1519දී මිලියන විසි පහක්වූ මෙක්සිකානු ස්වදේශිකයින් 1600 වනවිට ඉතිරිව සිටියේ හැත්තෑ පන් දහසක් පමනි. සමස්ත ඇමරිකාවම ගත් කළ මෙම කාලය තුල ඇමරිකානු ස්වදේශිකයින්ගේ ජනගහනය සියයට අනූවකින් අඩුවී තිබුනි. මෙයින් පන රැක ගත්තෝ දෙකොටසකි. එකක් වර්තමානයේ තමන්ගේ නිජබිම් වල ආදි වාසින් ලෙස තම මුතුන් මිත්තන් විනාශ කර දැමූවන්ගේ නූතන පරපුර සමඟ මුසුව දිවි ගෙවන්නන්ය. අනෙක වසංගතයන්ටත් ආක්‍රමණිකයන්ටත් ලගා වීමට නොහැකි තරම් වූ ඝන වනය තුළ සැගව ගත්තේ අදටද බාහිර ලෝකය සමඟ සබදතා නැතිම හෝ ඉතාම සීමිත ලෙස තබා ගනිමින් දිවි ගෙවන්නන්ය.
පෙර කී දෙවැන්න හෙවත් ඇමසෝනියානු ගෝත්‍රිකයන් තවමත් අප ලෝකයේ වසංගත වලට නොයිදුල්ය. ඉදින් කෙසේ හෝ ඔවුන් අතරට කොරෝනාව ගිය හොත් අතීතයේ සිදුවූ විනාශය නැවත වරක් අප ඇස් ඉදිරියේම සිදුවනු ඇත. අපට කළ හැකි එකම දෙය නම් එය එසේ නොවේවායි පැතීම පමණක්මය
රවිඳු දරණගම
ඉංජිනේරු පීඨය
මූලාශ්‍ර
https://www.sciencemag.org/news/2015/06/how-europeans-brought-sickness-new-world#
https://www.straightdope.com/columns/read/995/why-did-so-many-native-americans-die-of-european-diseases-but-not-vice-versa/
https://www.newscientist.com/article/mg13618424-700-how-columbus-sickened-the-new-world-why-were-native-americans-so-vulnerable-to-the-diseases-european-settlers-brought-with-them/
https://www.google.com/amp/s/www.biography.com/.amp/explorer/christopher-columbus

![]() | |||
ක්‍රිස්ටෝපර් කොලොම්බස් |

යුරෝපීයයන් සහ ඇස්ටෙක් වරු | https://www.manzanillosun.com/the-conquest-of-the-aztecs-1521/ |
යුරෝපීයයන් ඇමරිකානුවන්ගේ සාරය උරා බොමින් ගත හැකි සියල්ල කොල්ල කා ගත්තත් ඔවුන් ඇමරිකානු ස්වදේශිකයින් වෙත පුද දුන් දෙයක්ද විය. එනම් සියවස් ගණනාවක් පුරා යුරෝපයට වද දෙමින් පැතිර ගිය වසංගත සමුදායයි. කෙසේ හෝ වේවා වසර දහස් ගණනාවක් පුරා සෙසු ලෝකයෙන් හුදෙකලාව සිටි ඇමරිකානුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙවන් ව්‍යසනයකට කෙසේවත් සූදානම් නොවීය. ඉන්පසු සිදුවූයේ මහත් ඛේදවාචකයකි. වසූරිය පෙරටුවෙහි තබාගෙන පැපොල, සරම්ප, කොරලාව, කහ උණ ආදී වූ අතොරක් නැති නව රෝග විශේෂයන්ට ගොඳුරුවූ ස්වදේශිකයෝ ලක්ෂ සංඛ්‍යාත ගණනින් මිය යන්නට විය. ජනපද පිහිටවූ යුරෝපීයයන්ටද මෙම වසංගත බලපෑ නමුදු ඔවුගේ ප්‍රතිශක්තිය සාපේක්ෂව ඉතා හොඳ වූයේ එයින්ම හානිය අවම විය.
යුරෝපීයයන්ගේ ගිනි අවි දියුනු යුදෝපායයන් හා අශ්වයින්ට අමතරව වසූරියද ඇස්ටෙක් මායා ආදි මහා ශිෂ්ඨාචාරය බිඳ වැටීම කෙරෙහි එක් හේතුවක් විය. විනාශය කොතෙක්ද යත් පෙර සදහන් කළ අසූ දහසකට අධික ජනගහනයක් සිටි හිස්පැනියෝලාවේ ස්වදේශික ජනගහනය 1548 වන විට ආසන්න වශයෙන් පන්සියයකි. 1519දී මිලියන විසි පහක්වූ මෙක්සිකානු ස්වදේශිකයින් 1600 වනවිට ඉතිරිව සිටියේ හැත්තෑ පන් දහසක් පමනි. සමස්ත ඇමරිකාවම ගත් කළ මෙම කාලය තුල ඇමරිකානු ස්වදේශිකයින්ගේ ජනගහනය සියයට අනූවකින් අඩුවී තිබුනි. මෙයින් පන රැක ගත්තෝ දෙකොටසකි. එකක් වර්තමානයේ තමන්ගේ නිජබිම් වල ආදි වාසින් ලෙස තම මුතුන් මිත්තන් විනාශ කර දැමූවන්ගේ නූතන පරපුර සමඟ මුසුව දිවි ගෙවන්නන්ය. අනෙක වසංගතයන්ටත් ආක්‍රමණිකයන්ටත් ලගා වීමට නොහැකි තරම් වූ ඝන වනය තුළ සැගව ගත්තේ අදටද බාහිර ලෝකය සමඟ සබදතා නැතිම හෝ ඉතාම සීමිත ලෙස තබා ගනිමින් දිවි ගෙවන්නන්ය.
පෙර කී දෙවැන්න හෙවත් ඇමසෝනියානු ගෝත්‍රිකයන් තවමත් අප ලෝකයේ වසංගත වලට නොයිදුල්ය. ඉදින් කෙසේ හෝ ඔවුන් අතරට කොරෝනාව ගිය හොත් අතීතයේ සිදුවූ විනාශය නැවත වරක් අප ඇස් ඉදිරියේම සිදුවනු ඇත. අපට කළ හැකි එකම දෙය නම් එය එසේ නොවේවායි පැතීම පමණක්මය
රවිඳු දරණගම
ඉංජිනේරු පීඨය
මූලාශ්‍ර
https://www.straightdope.com/columns/read/995/why-did-so-many-native-americans-die-of-european-diseases-but-not-vice-versa/
https://www.newscientist.com/article/mg13618424-700-how-columbus-sickened-the-new-world-why-were-native-americans-so-vulnerable-to-the-diseases-european-settlers-brought-with-them/
https://www.google.com/amp/s/www.biography.com/.amp/explorer/christopher-columbus
Thank u for the valuable information.its sure it will be great tragedy of corona pandemic spread within those isolated populations.
ReplyDelete