කොරෝනා වයිරසය සදහා වූ Avigan ටැබ්ලටය..

කොරෝනා වෛරසය සඳහා වූ Avigan ටැබ්ලටය ශ්‍රී ලංකාවට ආනයනය කල දින ලියමි.

Avigan ජපාන නියාමකයන් විසින් නිපදවා 2014 වර්ෂයේ දී ඉන්ෆුවෙන්සා රෝගය සඳහා ප්‍රතිකාර සදහා අනුමත කරන ලදී.නමුත් ජපාන රජය විසින් මෙම Avigan ටැබ්ලටය කිසිවිටෙකවත් වෙළඳපොලේ බෙදාහැර නොමැති අතර ජපානයේ හෝ විදේශයන්හි රෝහල් හා ඔසුසල වල ද නොමැත.

මේ නිසා ජපාන රජය සතුව Avigan  මාත්‍රාව මිලියන 2ක සංචිතයක් ඇත.නමුත් මෙය සියලු  corona රෝගීන්ට ප්‍රමාණවත් නොවනු ඇත. එනිසා සීමාසහිත  ෆුජිෆිල්ට් ටොයාම කෙමිකල් සමාගම විසින් සංවර්ධනය කරන ලද ටැබ්ලටය, ටෝකියෝ ෆුජිෆිල්ට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් corona 19  ප්‍රතිකාර සඳහා,  ඖෂධ නිෂ්පාදනය වැඩි  කිරීමට සූදානම් වෙයි.මේ සඳහා සමාගම අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ගෙන් උපකාර ඉල්ලා සිටී. Avigan ඖෂධ හා එන්නත් නිපදවීම සඳහා රටවල් අතර සම්බන්ධීකරණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ටෙඩ්‍රෝස් පැවසීය.

Avigan ටැබ්ලටිවල ක්‍රියාකාරී ඖෂධීය සංඝටකය වන ෆාවිසිරාවර් සතුව වෛරස් පැතිර වීම වළක්වන ක්‍රියාකාරී යාන්ත්‍රණය ඇත.ප්‍රතිකාරකයක් ලෙස පුළුල්ව බෙදාහැරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට සමාගම විසින් මිනිසුන් සියයක් පමණ යොදවා සායනික අත්හදා බැලීම් සිදුකර ඇත.

චීන නිළධාරියෙකු පැවැසූවේ සායනික අත්හදා බැලීම් මගින් කොරෝනා වයිරසයට ප්‍රතිකාර කිරීමේ දී Avigan ඖෂධය සාර්ථක වූ බවයි.තව ද මෙහිදී පැහැදිලි අතුරු ආබාධ කිසිවක් වාර්තා වී නොමැත.කෙසේ වෙතත් සමහර පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ ගැබිනි කාන්තාවන් විසින් ගනු ලැබුවහොත් බරපතළ කළලරූපි අසමානතා ඇතිවිය හැකි බැවින් පරිස්සමින් භාවිතා කළ යුතු බවයි.

ජපානයෙන් ලංකාවට ආනයනය කළ Avigan

මේ පිළිබඳව ඖෂධ සංස්ථාවේ සභාපති කරුණු දක්වා සිටී.ඔහු පැවසූ ආකාරයට ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීමකට අනුව ජපාන රජය විසින්  Avigan සීමිත සංඛ්‍යාවක් ලංකාවට එවා ඇත.නමුත් මෙය covid 19 සඳහා ප්රතිකාර කිරීමට සුදුසු බව විද්‍යානුකූලව තහවුරු කර නැත.තවද එය එවපු පමණින් භාවිතා කර නොහැ.වෛද්‍ය ඖෂධ නියාමන අධිකාරිය හා වෛද්‍ය සංගමය එකතු වී එකතුවී මේ සඳහා ක්‍රමවේදයන් සැකසිය යුතුයි. මෙම බෙහෙත කලින් ලංකාවේ භාවිතා කර නොමැති නිසා ඒවාගේ තීන්දුව ගන්නේ ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධය භාවිතා කරන විශේෂඥ වෛද්‍යවරුන් විසිනි.
මෙම ඖෂධ වර්ගය හඳුන්වනු ලබන්නේ අනුප්‍රාතික ඖෂධ ලෙසිනි.
එක් රෝගයක ප්‍රතිකාර සඳහා හඳුන්වාදුන් ඖෂධයක් වෙනත් රෝගයක ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීම මෙහි අර්ථය වේ.
උපුටා ගැනීම රූපවාහිනී,පුවත්පත් සහ අන්තජාලයෙනි.


සුපුර්ණි ගමගේ
කෘෂිකර්ම පීඨය

Comments

Post a Comment

Most Popular Diary Entree

|| අප්‍රේල් 21 - 365 ට පෙරවදනක් ||

|| A Badly Miss - Not for One, but for All ||